කොවිඩ් 19 වසංගත තත්ත්වය හමුවේ ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අංශය ශක්තිමත් කිරීම වෙනුවෙන් රුපියල් බිලියන 1.3ක ආධාරයක් ලබාදීමට ජපානය එකඟ වී තිබේ.
ඊයේ පැවැති කැබිනට් රැස්වීමේදී මේ පිළිබඳව සාකච්ඡා වී තිබේ. මීට අමතරව ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනය ක්ෂේත්රයේ අය වෙනුවෙන් ජපාන ශිෂ්‍යත්ව 171ක් පිරිනැමීමට ජපන් යෙන් මිලියන 269ක්ද ජපානය විසින් ලබාදීමට නියමිතය.