ජනාධිපතිවරණය ජයගැනීමට වටපිටාවක් නෑ
වාමාංශික පක්ෂවල තීරණය සැලකිල්ලට ගෙන ජනාධිපතිවරණය කල් දමන්න - අමාත්‍ය වාසුදේව
ලබන වසරේ මුල් වකවානුවේ ජනාධිපතිවරණයක් පවත්වා එක්සත් ජනතා නිදහස් සන්ධානයට ජයග්‍රහණය කිරීමට සුදුසු වටපිටාවක් නොමැති බැවින් සන්ධානය නියෝජනය කරන වාමාංශික පක්ෂවල තීරණයද සැලකිල්ලට ගෙන මැතිවරණය කල්දැමිය යුතු යැයි ප්රජාතන්ත්රවාදී වාමාංශික පෙරමුණේ ප්‍රධාන ලේකම් අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පවසයි.
සන්ධාන ප්‍රධාන පාර්ශ්වකරුවා වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ පිළිබඳ තීරණයක් ගෙන රටට දැනුම්දිය යුතු යැයි අමාත්‍යවරයා සඳහන් කළේය.
2016 වසරේ නොවැම්බර් මාසයේ පැවැත්විය යුතු ජනාධිපතිවරණය ඊට පෙර පවත්වන බවට නොයෙක් මාධ්‍ය වාර්තා පළවුවද තමා දැනුවත්ව සන්ධානය තුළ එවැනි තීරණයක් ගෙන නැතැයි පැවසූ නානායක්කාර මහතා, එවැනි තීරණයක් ගැනීමේදී සන්ධානයේ වාමාංශික පක්ෂ දරන මතය සැලකිල්ලට ගතයුතු යැයි පවසා සිටියේය.
පොදු අපේක්ෂකයාගේ හා විපක්ෂයේ ප්‍රබල අපේක්ෂයාගේ ප්‍රධානතම සටන් පාඨය වන විධායක ජනපති ක්‍රමය වෙනස්කර පාර්ලිමේන්තුවට බලය පැවරිය යුතුය යන්න ආණ්ඩුවේ වාමාංශික පක්ෂයද පවසන බැවින් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි නොකර මැතිවරණයකට යාමෙන් ආරම්භක අවස්ථාවේදීම සන්ධානයට හානියක් සිදුවන බව හෙතෙම පවසයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

