ජනාධිපතිතුමා නිසා අද පොළොන්නරුවේ ජනතාව හරි වාසනාවන්තයි - දුමින්ද
මෛත්‍රීපාල සිරිසේන මහතා අද පොළොන්නරුවේ ජනතාව ශක්තිමත් කරන්න, ගොවියාගේ ආර්ථිකය, ජන ජීවිතය ශක්තිමත් කරන්න අවශ්‍ය සංවර්ධනය කරලා තියෙනවා. ඒ නිසා පොළොන්නරුවේ ජනතාව වාසනාවන්තයි යැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක, හිටපු අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පැවසීය.
ඒ මහතා මේ බව ප්‍රකාශ කර සිටියේ, පොළොන්නරුව, මැදිරිගිරිය,දම්සෝපුර ග්‍රාම නිලධාරි වසමේ නිල සෙවන කාර්යාලය ජනතා අයිතියට පත් කිරීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වෙමින්ය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා,
“2014 නොවැම්බර් මාසේ 21 වැනිදා මම මෛත්‍රීපාල සිරිසේන මහත්තයා එක්ක එළියට බැස්සේ උතුරු මැද පළාතෙන් රාජ්‍ය නායකයා බිහි කර ගැනීමේ බලාපොරොත්තුවෙන්. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ගොඩක් හිටියා නායකයෝ හැබැයි අනුරාධපුරයෙන් ආවා, කන්තලෙන් එම්.කේ.ඩී.එස් ගුණවර්ධන මැතිතුමා ආවා. ශ්‍රී ලංකාකාරයෝ දෙන්නයි ආවේ. අපි ආවේ මහින්ද රාජපක්ෂ මහත්තයා එක්ක අවුලක් නිසා නෙමෙයි. මහින්ද මහත්තයා පළවැනි පාර, දෙවැනි පාර, තුන්වැනි පාර ඉල්ලන කොට අනුරාධපුරයට දකුණෙන් ආව අය කිව්වා අපි දකුණේ මිනිහව ජනාධිපති කරන්න ඕන කියලා. අපිටත් එහෙම කැක්කුමක් තියෙනවා. අනුරාධපුරය කියන්නේ රජවරු එකසිය ගණන් රජකම් කරපු,අවුරුදු එක් දහස් ගණනක් මේ රට පාලනය කරපු අගනුවර අනුරාධපුරය. ඒ නිසා අපිටත් කොහෙන් හරි ඒකට සම්බන්ධයක් ඇති නේ. ඒ උරුමයට වෙන්න ඇති උතුරු මැද පළාතෙන් රාජ්‍ය නායකයා බිහි කර ගන්න ඕන කියලා හිතුනේ.
2015 ජනවාරී මාසේ 08 වැනිදා ඒ වැඩසටහන සාර්ථක වෙනවා. අද එහි වාසිය පොළොන්නරුවට විශේෂයෙන් ලැබෙන කොට ඒකට මුල් වුණ කෙනෙක් ලෙස මම සතුටට පත් වෙනවා. ජනාධිපතිතුමන් තමන් බලයට පත් වුණ, තමන්ගේ මූලාරම්භය වුණ, තමන්ට ශක්තියක් වුණ පොළොන්නරුව දියුණු කරන කොට අපිට විශාල සතුටක් තියෙනවා. පොළොන්නරුව කියන දුෂ්කර ප්‍රදේශයට විදුලිය ලැබෙන කොට, ජලය ලැබෙන කොට, මොරගහකන්ද හදලා කන්න තුනක් වගා කර ගන්න වටපිටාව හැදෙන කොට, පොළොන්නරුව ජනතාවගේ ජන ජීවිතය උසස් වෙනවා දකින කොට ඒක තමයි අපිට තියෙන සතුට.
අද මේ විවෘත කළ සේවා පියස ගමට කොච්චර හොඳ වුණත් මේ ගමෙත් ඇති මේකට බණින අය. මේක නෙමෙයි ඉස්සරලාම හදන්න තිබුණේ, පාරයි ඉස්සරලා හදන්න තිබුණේ කියන අය ඇති. මේකේ වටිනාකම අපි දැක්කට මේ උත්සවයටවත් නොආපු අය ඇති. හැබැයි මේ කාර්යාලයෙන් සේවය ගන්න එද්දී ඒ නිලධාරීන් එන කෙනා ශ්‍රී ලංකාද, යූ.එන්.පීද, ජේ.වී.පී ද, පොහොට්ටුවේද කියලා බලන්නේ නෑ. ඡන්දේ දුන්නේ මෛත්‍රී මහත්තයාටද වෙන කාට හරිද කියලා බලන්නේ නෑ. මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අද ජනාධිපති වෙලා පොළොන්නරුව දියුණු කරන්නේ ඡන්දේ දුන්න ශ්‍රී ලංකාකාරයින්ට හෝ එතුමා පස්සෙන් ආව අයට නෙමෙයි. එතුමා බිහි වුණ ප්‍රදේශය ශක්තිමත් කරන්නයි එතුමා වෙහෙස මහන්සි වෙන්නේ. අනුරාධපුරයට මේ තරම්ම සංවර්ධනයක් නැති එක ගැන දුකක් තිබුණත් පොළොන්නරුව දියුණු වෙනවා දකිද්දී අපිට සතුටක් තියෙනවා” යැයි ඔහු වැඩිදුරටත් පැවසීය.

popular news
-
pasanna thilakarathna Tuesday, 25 June 2019 01:36 PM
ලජ්ජා නැහැ .තවත් කඩේ යනවා.අහෝ රටකට ගිය කලක්...පව් ....
Reply : 0 0
shan Tuesday, 25 June 2019 02:16 PM
ජනාධිපතිතුමා නිසා අද පොළොන්නරුවේ ජනතාව හරි වාසනාවන්ත වෙනකොට මුළුමහත් ශ්‍රී ලනකවසී අනෙක් පළාත්වල ජනතාව තුච්ච කාලකන්නින් බවට පත්වෙලා ඉවරයි ජනාධිපතිතුමා 2015 රටේ නායකයා වීම මුළුමහත් ශ්‍රී ලාංකීය ජනතාවගේම අවාසනාව කියල කියන්න පුළුවන් දේසපාලන වාසි ගන්න එක එකා බොරු බයිලා ගැහුවට 2015 පෙර තිබුණු තත්වෙට වඩා 100 ගුණයක් මේ වසර4 රට විනාස උන කාලකන්නි මානසිකත්වයන් හා ක්‍රියාකාරකම් නිසා අද මුළු රටම විනාසයි එක කලේ මේ මහා නායකයා මිස වෙන කිසිවෙක් නොවේ
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

