ජොන්ස්ටන්ට එරෙහි සතොස නඩුවක් ඉවතට
අල්ලස් කොමිසම විසින් අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට එරෙහිව නඩු පවරා ඇති ආකාරය නීතියට පටහැනිව යැයි තීන්දු කළ කොළඹ මහාධිකරණය ඒ මහතා නඩු කටයුතුවලින් මුදා හරින ලෙස නියෝග කළේය.
2010 වසරේ සිට 2014 වසර දක්වා කාලසීමාව තුළ වෙළෙඳ අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් සතොස ආයතනයේ සේවකයින් එකසිය පනස් තුන් දෙනකු ඔවුන්ගේ නිල රාජකාරිවලින් ඉවත් කර දේශපාලන ක්‍රියාකාරකම්වල යෙදවීම තුළින් රජයට රුපියල් කෝටි හතරක පාඩුවක් සිදුකළේ යැයි චෝදනා කොට ඉකුත් යහපාලන රජය සමයේ අල්ලස් කොමිසම විසින් අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇතුළු තිදෙනෙකුට එරෙහිව කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩු පවරා තිබුණි.
එම නඩුව ගොනුකර ඇති ආකාරය නීතියට පටහැනි යැයි සඳහන් කරමින් ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇතුළු විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ මූලික විරෝධතාවක් මතු කළ ද එම මූලික විරෝධතා ප්‍රතික්ෂේප කළ අධිකරණය එම නඩුව විභාග කිරීම සඳහා තීන්දු කර තිබුණි.
එම තීරණයට එරෙහිව ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා කොළඹ මහාධිකරණය හමුවේ ප්රතිශෝධන පෙත්සමක් ගොනු කළේය.
ඒ අනුව ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා නඩු කටයුතුවලින් මුදාහරින ලෙස නියෝග කළ මහාධිකරණ විනිසුරුවරයා මෙම තීන්දු කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත දැනුම් දෙන ලෙස ද නියෝග කළේය.

popular news
-
Demuni Uduwara Friday, 02 October 2020 07:04 PM
We anticipated this order.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

