ජනමාධ්‍යවේදීන්ට තර්ජනය කරන්න එපා - NYT
ශ්‍රී ලංකාවේ හම්බන්තොට වරාය පිළිබඳව පළකළ නිවැරදි ලිපිය ලියූ සිය ජනමාධ්‍යෙව්දීන් දෙදෙනාට තර්ජනය කිරීමට මහින්ද රාජපක්ෂ මහතාට සම්බන්ධ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කටයුතු කරන බව නිව්යෝක් ටයිම්ස් පුවත්පතේ ජාත්‍යන්තර කර්තෘ මයිකල් ස්ලැක්මන් මහතා පවසයි.
ඔහු අද (03දා) නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ එම ලිපිය සම්බන්ධයෙන් යම් ගැටලුවක් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාට පවතින්නේ නම් ශ්‍රී ලංකාවේ ජනමාධ්‍යවේදීන්ට තර්ජනය කිරීමකින් තොරව සිය පුවත්පතේ ජ්‍යෙෂ්ඨ කර්තෘන් සමබන්ධ කර ගන්නා ලෙසට උනන්දු කරන බවයි.
මෙම ලිපිය නිව්යෝක් ටයිම්ස් පුවත්පත ජුනි 26 දා පළ කළ අතර එහිදී හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ පසුගිය ජනපතිවරණ සටන වෙනුවෙන් චීනයෙන් ඩොලර් මිලියන 7.6ක් ලබාගෙන ඇති බවට සඳහන් කර තිබුණි.
ඒ සම්බන්ධයෙන් මහින්ද රාජපක්ෂ මහතා ටසම්බන්ධ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පිරිසක් පසුගියදා මාධ්‍ය හමුවක් පවත්වමින් එම ලිපිය ලියූ මාධ්‍යවේදිනියන් දෙදෙනා විවේචනය කළ බවත් කර්තෘවරයා සඳහන් කරයි.
ජනමාධ්‍යවේදීන්ට මේ ආකාරයෙන් තර්ජනය කිරීම නුසුදුසු බවත් මෙය ශ්‍රී ලංකාවේ මාධ්‍ය නිදහස පිළිබඳව මෙන්ම ජනතාවට වැදගත් වටිනාකමින් යුත් කරුණු ඉදිරිපත් කිරීමට ඇති අවස්ථාව අහිමි කිරීමක් බවත් ජාත්‍යන්තර කතුවරයා සඳහන් කරයි.
එසේම ශ්‍රී ලංකාවේ බලධාරින් තමන්ගේ මෙන්ම වෙනත් ඕනෑම ප්රවෘත්ති ආයතනයක කටයුතු කරන ජනමාධ්‍යෙව්දීන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට කටයුතු කළ යුතු යැයිද ඔහු වැඩිදුරටත් පවසයි.

popular news
-
Ruwan Tuesday, 03 July 2018 02:18 PM
මහින්ද මැතිතුමනි, ලැබුණු අවස්ථාවෙන් ප්‍රයෝජන අරගෙන කර්තුතුමා හමුවී මේ ප්රශ්නයේ සබැ තතු ලොවට කියන්න ඉඩ දෙන්න. එහෙම නැතුව එක්නලිගොඩට වූ දේ කරන්න තරම් ඔබට දැන් බලයක් ඇත්තෙත් නැහැනේ.
Reply : 337 1620
Champa Tuesday, 03 July 2018 05:01 PM
හිටපු ජනාධිපතිතුමා- එපා බාල්දු වෙන්න NYT එකට. මම කලින් රිවිරේ NYT කතාව තිබුණු තැන ලිව්වා JO එකේ උපදේශකයන් මොනවා කියයිද දන්නේ නැහැ හැබැයි මම නම් කියන්නේ NYT article එක ignore කරන්න චීනේ දැනට උත්තර දුන්න නිසා කියා. ඒ මොකොද කිව්වා නම් මේක කොටි වල්ගයක් අන්තිමට අවමානයක් වෙනවා නම් වෙන්නේ හිටපු ජනාධිපතිතුමාට කියලා. ඒ කතාවට උත්තරේ මහජනතාව දෙයි කියලා. මේක පිටිපස්සේ ඉන්නේ ඇත්තටම කවුද කියලා මට හිතෙනවා හැබැයි ඔප්පු කරන්න කෙලින් සාධක නැති නිසා කියන්න බැහැ කියලා. හිටපු ජනාධිපතිතුමා, පරක්කු වෙලා හරි මං කියන දේ අහන්න. මේක දැන්වත් අතාරින්න. මීට වඩා කරන්න දේවල් තියෙනවා කියන්න. තමන්ට සහයෝගය දෙන තමන්ව විශ්වාස කරන මිලියන් 5.8ක් ජනතාව ඉන්න කොට ඇමරිකන්පත්තරයක් කියන දේ ගැන worryවෙන්න ඕනේ කමක් නැහැ කියන්න. මේ කතාව අත්අරින්න. මේකේ තවදුරටත් එල්ලලිලා යන්න එපා. NYTඑකටයි ආණ්ඩුවේ පාන්රුපාරුවන්ටයි නැති වෙන්න දෙයක් නැහැ, ඔබට එහෙම නැහැ ඔබට ලෝකේ පුරා නමක් තියෙනවා. ඔබ අනාගත අගමැතිවරයෙක්. 2020 ලංකාවේ ගොඩ නැගෙන අලුත් රටේ නායකයා ඔබ මිසක් ගෝඨාභය නෙමෙයි. Take the high road
Reply : 0 0
Champa Tuesday, 03 July 2018 07:57 PM
Don’t fall for the trap, Mr. former President. The intervention of the “International Editor” out of the blue criticizing your side's “right to defend” means New “Joke” Times has taken a contract to take the matter further for obvious political reasons. Don’t fall for this trap.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
