ජනපති මේ මාසයේදී චීනයට
- 2 01 2020
- 12:02
- {{hitsCtrl.values.hits}} views
- ..
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය දෙවැනි විදෙස් නිල සංචාරය ලෙස චීනය බලා මේ මාසයේදී පිටත්ව යෑමට නියමිත බව වාර්තා වෙයි.
පසුගිය මාසයේ ශ්රී ලංකාවට පැමිණි විශේෂ චීන තානාපතිවරයකු හරහා චීන ජනාධිපති ෂී ජින් පිංගේ ආරාධනයකට අනුව රාජපක්ෂ මහතා මෙසේ චීනය බලා පිටත්ව යෑමට නියමිතව තිබේ.ෙ
මෙම සංචාරයේදී නායකයන් දෙදෙනා ආයෝජන, සංචාරක සහ ද්විපාර්ශ්වික සහයෝගීතාව ශක්තිමත් කිරීම යන කරුණු කිහිපයක් සාකච්ඡා පැවැත්වීමට නියමිතව තිබේ.
එසේම හම්බන්තොට වරාය ඇතුළු ශ්රී ලංකාවේ දැනට සිදු වෙමින් පවතින චීන ආයෝජන පිළිබඳව ද නායකයන් දෙපළ සාකච්ඡා කිරීමට නියමිතව තිබේ.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
