ජනපති මෛත්‍රී පාලන කාලයේ දූෂණ වංචා හොයන්න ජනපති කොමිෂමක්
2015 ජනවාරි මස 15 වන දින සිට 2018 දෙසැම්බර් මස 31 වැනි දින දක්වා කාලය තුළ රජයේ ආයතනවල සිදුව ඇතැයි සැලකෙන දූෂණ, වංචා පිළිබඳ සොයා බැලීමට ජනාධිපති කොමිෂන් සභාවක් පත්කිරීමට ජනපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා කටයුතු කර තිබේ.
එම කාලය තුළ රජයේ ආයතනවල සිදු වී ඇතැයි සැලකෙන දූෂණ කි‍්‍රයා, වංචා, සාපරාධී ලෙස විශ්වාසය කඩ කිරීම, දේපළ සාපරාධී පරිහරණය, රැවටීම සහ බලය හෝ අධිකාරය, රාජ්‍ය සම්පත් හා වරප්‍රසාද අනිසි ලෙස භාවිතා කිරීම හෝ අවභාවිතය සහ එකී වරදවල් සහ වැරදි කි‍්‍රයාවන්ගේ ප්‍රතිඵලයක් ලෙස රාජ්‍ය වත්කම්වලට, රාජ්‍ය ආදායමට බරපතළ අලාභ හෝ හානි සිදුවී තිබීම සම්බන්ධයෙන් දේශපාලන පදවි දැරූ හෝ තවදුරටත් දරමින් සිටින පුද්ගලයන්ට සහ රජයේ සේවකයින් හා ව්‍යවස්ථාපිත මණ්ඩලයන් හි නිලධාරින් වශයෙන් සේවයේ නිරත ව සිටි සහ තවදුරටත් සේවයේ නිරතව සිටින පුද්ගලයන්ට එරෙහි බරපතළ චෝදනා පිළිබඳව මහජන පැමිණලි, තොරතුරු සහ සෙසු කරුණු කැඳවීම සහ ඒවා කඩිනම් අපක්ෂපාතී, පුළුල් විමර්ශනයකට ලක් කිරීම මෙම කොමිෂන් සභාවේ කාර්යභාරයයි.
එබඳු වරදවල් සම්බන්ධයෙන් නිතී ප්‍රකාරව වගකිව යුතුව සිටි හෝ වගකිව යුතු වන පුද්ගලයන් හඳුනා ගැනීම හා සාක්ෂි එක් රැස් කිරීම ද මෙම කොමිෂන් සභාව හරහා සිදු වේ.
මෙම ජනාධිපති පරික්ෂණ කොමිෂන් සභාවේ සභාපතිවරයා වශයෙන් විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතා කටයුතු කරන අතර, විශ්‍රාමික මහාධිකරණ විනිසුරු සරෝජනී කුසලා වීරවර්ධන, විශ්‍රාමික විගණකාධිපති පස්දුන් කෝරළේ ආරචිචිගේ පේමතිලක, විශ්‍රාමික අමාත්‍යාංශ ලේකම් ලලිත් ආර්. ද සිල්වා, විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති එම්.කේ.ඩී. විජය අමරසිංහ යන මහත්ම මහත්මීන් එහි සෙසු සාමාජිකයෝ වෙති.
එහි පළමු අතුරු වාර්තාව මාස 03 ක් ඇතුළතත්, නිගමනයන් හා නිර්දේශයන් ඇතුළත් අවසන් වාර්තාව මාස 06 ක් ඇතුළතත් ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කිරීමට උපදෙස් දී තිබේ.

popular news
-
rocky Friday, 18 January 2019 05:48 AM
කොමිසමේ කටයුතු ජනාධිපතිතුමාගේම ඥාති සංග්‍රහයෙන් පටන් ගන්න! ඊ ලඟට ඝාතන ප්‍රෝඩාව, පස්ස දොරෙන් අගමැති පත් කිරීමේ ජිල්මාට් එක, රුසියන් නැවු සෙල්ලම ආදී වශයෙන් අවුරුදු ගණනකට හොයන්න තරම් දූෂණ ඇත!
Reply : 0 1
තරස්තයා Friday, 18 January 2019 09:13 AM
ඊට ඉස්සෙල්ල පාලනයේ කිසිම දෙයක් හොයන්නේ නැද්ද ? ජනතාව බලය දුන්නේ විශේෂයෙන් එම කටයුත්තට . පොරොන්දු වුනෙත් එම කටයුත්ත ඉෂ්ට කරනවා කියල .
Reply : 0 1
Champa Friday, 18 January 2019 10:08 AM
ඕවා දෙනු පරහට කියල පටන් ගම්මු ජනාධිපතිතුමාගෙන්ම. ජනාධිපති නිල නිවසක් කොළොඹ තියෙත්දී තවත් විශාල ගෙයකට මිලියන් ගානක් අනිවාරතේ වියදම් කරලා අලුත්වැඩියා කරලා ඒකේ පදිංචි වෙලා ගෙවල් දෙකක් රජයෙන් නඩත්තු කරවල අවුරුදු 4ක් තිස්සේ අති විශාල මහජන මුදලක් නාස්ති කිරීම දූෂණ ගණයට වැටෙනවා. ඊට පස්සේ දුමින්ද කෘෂිකර්ම අමාත්‍යංශ ගොඩනැගිල්ල තියෙද්දී කෝටි ගානක් ගෙවල තව පෞද්ගලික් ගොඩනැගිල්ලකට කුලී ගෙවන එක. තව, මාස 48ක් ඇතුලේ අවුරුදු 4රෙ ආණ්ඩුවේ ජනාධිපති සහ අගැමති 68 වතාවක් විදේශ සංචාරයේ යෙදීම නිසා නාස්ති කරපු අති විශාල මහජන මුදල් ප්‍රමාණය ගැනත් හොයමු.
Reply : 0 1
Nandana Friday, 18 January 2019 11:47 AM
හොරාගේ අම්මගෙන් කොහොමද පේන අහන්නේ
Reply : 0 1
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

