ජනපති - ගෝඨා ඝතන තැත ඉන්දියානුවා නිදහස් - DIG නාලක රිමාන්ඩ්
ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාත්, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාත් ඝාතනය කිරීමේ සැලසුමක් පිළිබඳව පවත්වන විමර්ශනවලට අදාළව අත්අඩංගුවට පත් ඉන්දීය ජාතිකයා මුදා හැරීමට කොළඹ කොටුව වැඩබලන මහේස්ත්‍රාත් ජයන්ත ඩයස් නානායක්කාර මහතා නියෝග කළේය.
එම විමර්ශනවලට අදාළව ඉදිරි පියවර ගැනීමේදී ඉන්දීය ජාතිකයාට එරෙහිව කටයුතු නොකරන බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකළ දැනුම් දීමක් අනුව එම ඉන්දීය ජාතිකයා මුදා හැරීමට කටයුතු කළේය.
කෙසේ වෙතත් ඔහු වීසා බලපත්‍ර නොමැතිව ලංකාවේ රැඳි සිටීම හේතුවෙන් ආගමන විගමන නීතිය අනුව කටයුතු කරන බව සඳහන් කිරීම හේතුවෙන් ඉන්දීය ජාතිකයා යළි ලබන 13 දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කළේය.
එසේම මෙම සිදුවීමට අදාළව අත්අඩංගුවට ගෙන සිටින ත්‍රස්ත විමර්ශන ඒකකයේ හිටපු නියොජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා යළි එළැඹෙන 6 දා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.

popular news
-
Champa Wednesday, 27 February 2019 02:02 PM
හා හා හා කොහොමද එහෙම වුනේ? එකපාරට කොහොමද CID එක කියන්නේ ඉන්දියන්කාරයට විරුද්දහ්ව වැඩ කරන්නේ නැහැ කියල? කොහොමද මිනිහව එකපාරට හොඳ වුනේ? ලංකා දේශපාලනයේ නිරුවත මේ දවස්වල ප්‍රදර්ශන කරනවා. "The Big- 5 (ම ම ර බැ ගෝ) deal එකක් දාලා තම තමන්ගේ අනාගත දේසපාලන පැවැත්ම සඳහා. ජාතිකත්වවාදීන් කුඩු පට්ටම් කිරීම තමයි 5 දෙනාම එකඟ වෙච්ච පලවෙනි කොන්දේසිය. දෙවෙනි එක විධායකය අහෝසි කරලා තම තමන් අතරේ විතරක් දේශපාලන බලය පවත්වා ගෙන යාම. තුන්වෙනි එක රට පාවා දීපු ද්‍රෝහීන්ගේ අනාගත දේශපාලන පැවැත්ම සුරක්ෂිත කිරීම. හතරවෙනි එක ඉන්දියාවේ ඉන්න දෙමල මිනිසුන් සහ ඩියාස්පෝරාවේ කොටි එක්ක deal එකක් දාල ලංකාවට අරන් ඇවිත් ඊළඟ චන්දෙ ප්‍රතිඵල තමන්ට ඕනේ විදිහට වෙනස් කර ගැනීම. මාගම්පුරවරාය විකිණීම පිටිපස්සේ විතරක් නෙමෙයි කන්කසන්තුරේ පුරාණ දඹකොළ පටුන වරාය ඉන්දියාවට විකිණීම සහ ත්‍රිකුණාමල වරාය ඇමරිකාවට විකිණීම පිටුපසත් රාජපක්ෂවරු ඉන්නවා. මේ රටේ ඇත්තටම සිද්ධ වෙන්නේ මොකක්ද කියල රටේ මිනිස්සු දන්නේ නැහැ. මේ පස් දෙනා මේ රටේ ජනතාව දැන් මොන තරම් සූක්ෂම විදිහට අන්දවන්න හදනවද කියන එක කවුරුත් ඇස අරගෙන බලා ඉන්නවා නම් හොඳයි.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

