ජනපති ඒකාබද්ධය සමගියකට වෑයමක්
රටතුල පැන නැගී ඇති ආර්ථික සහ දේශපාලන අර්බුදලවලට මුහුණදීමට ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා සහ ඒකාබද්ධ විපක්ෂය අතර එකඟත්වයක් ඇති කිරීමට අලුතින් සාකච්ඡා වටයක් ආරම්භ වී ඇතැයි දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි.
ආණ්ඩුවෙන් ඉවත් වූ ශ්රී ලංකා නිදහස් පක්ෂ 15 දෙනාගේ කණ්ඩායමේ ප්රබලයන් කිහිපදෙනෙකු සහ ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායක මට්ටමේ ප්රබලයන් කිහිපදෙනෙකු මේ සඳහා සෘජුවම මැදහත් වී සිටින බවද වාර්තාවේ.
ආණ්ඩුව තුළ සිටින ප්රධාන පක්ෂ දෙක වන ශ්රී ලංකා නිදහස් පක්ෂයත්, එක්සත් ජාතික පක්ෂයත් අතර ඇතිව තිබෙන බරපතළ නොගැළපීම් හමුවේ ජාතික ආණ්ඩුව තවදුරටත් පවත්වාගෙන යා නොහැකි බව මෙම සාකච්ඡාවලට මැදිහත් වී සිටින පිරිසේ අදහස වී ඇතැයි දැනගන්නට තිබේ.
ඒ සඳහා තිබෙන විකල්පය අයවැයේ දී හෝ ඉන්පසු ඉතා ඉක්මනින්ම ශ්රී ලංකා නිදහස් පක්ෂයත් ඒකාබද්ධ විපක්ෂයත් මුල්වී නව ආණ්ඩුවක් පිහිටුවීම යැයි එම පිරිස් පෙන්වා දී ඇතැයි ද දේශපාලන ආරංචිමාර්ගවලින් පැවසේ.
පවතින දේශපාලන අර්බුදය තවදුරටත් දිග්ගැස්සුණහොත් රුපියලේ අගය ශීඝ්ර‘යෙන් බාල්දු වී ඩොලරය රුපියල් 200 පමණ දක්වා ඉහළ යනු ඇතැයි එම කණ්ඩායමේ අදහස වී ඇත.
ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතාත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාත් වෙන වෙනම හමුවී කඩිනමින් මේ පිළිබඳ සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව මේ සඳහා මූලික වී සිටින දෙපාර්ශ්වයේම මන්ත්රීවරු කිහිපදෙනෙක් කියා සිටියහ.
අජන්ත කුමාර අඟලකඩ (ඉරිදා ලංකාදීප)
popular news
-
Champa Monday, 01 October 2018 06:15 AM
NO WAY! රුපියල බාල්දු වුනා කියලා මෛත්රී එක්ක එකහු වෙන්න? ඔල්මාදද? අනිත් එක වහල් ආණ්ඩුවට හෙණ ගැහැව්වත් අපට මොකොද? හිටපු ජනාධිපතිතුමා, අන්තිම කෙලවරට ඇවිල්ල දැන් කඩාවැටෙන වහල් ආණ්ඩුවට ඔක්සිජන් දෙන්න යන්න එපා. මුළු JO එකම කිව්වත් ඔක්කොමට යන්න ඇරලා ඔබතුමා විතරක් තනියම හරි ඉන්න විපක්ෂෙ. ඒ මොකොද කිව්වා නම් ජනතාව ඉන්නේ ඔබ එක්ක නිසා. අනිත් එක මේ කතාව පිටිපැස්සේ තවත් කතා තියෙන්න පුළුවන්. ඒ කියන්නේ එළියේ ඉන්න සමහරුන්ට ස්වීප් ඇදිල ඔබ නොහිතන දේවල් වෙන්න පුළුවන්. තව ටික කාලෙයි. එටිකත් ඉවසගෙන ඔහොම ඉන්න. ඉන්න ගමන් කල්පනා කරන්න කාවද ඔබේ ජනාධිපති අපේක්ෂක කරන්නේ කියලා.100%ක් ඔබට විශ්වාස කෙනෙක් තෝරගන්න. ආර්ථිකය ගොඩ ගන්න එක ගැන බය වෙන්න එපා. 2015 ඉඳන් ලෝකේ වෙනස් තත්වයක් ඇති වුන. 2020 ඉඳන් හුඟක් වෙනස් වෙනවා. ලෝක ආර්ථිකය ආසියාවේ ධන පැත්තට වර්ධනය වෙන්න පටන් අරන් ඉවරයි. Trump ගේ සමහර මෝඩ තීරණ අපේ වාසියට හරවා ගන්න ඕනේ. අපිට simple තීරණයක් දෙකක් ගන්න තියෙන්නේ. මම ඒක කියලා දෙන්නම් ඒ කාලෙට. කොටින්ගෙන් රට බේර ගත්ත වගේම ලංකාව ගොඩ ගත්තෙත් ඔබ වෙනව දකින්න මම කැමතියි.
Reply : 36 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

