ජනපති බ්‍ර්තාන්‍යයට යෑම අවදානම්
ලබන මස 04 වැනිදා බ්‍රිතාන්‍ය‘යේ පැවැත්වීමට නියමිත පළමු ලෝක යුද්ධ සැමරුම් දේව මෙහෙයට සහභාගී වීම ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රතික්ෂේප කොට ඇත.
එල්.ටී.ටී.ඊ. හිතවාදී දෙමළ ඩයස්පෝරාව සැලසුම් කර ඇති ඇති උද්ඝෝෂණ හමුවේ බ්‍රිතාන්‍ය රජය ලබාදෙන ආරක්ෂක පහසුකම් අවම වීම මෙම තත්ත්වයට හේතු වී ඇති බව වාර්තා වේ.
මේ පිළිබඳ තත්ත්වය පැහැදිලි කොට විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා, බ්‍රිතාන්‍ය අමාත්‍ය සජිඩ් ඩේවිඩ් මහතාට ලිපියක් යවා ඇත.
පසුගිය කාලයේ ජනාධිපතිවරයා ලන්ඩන් නුවර සංචාරය කළ අවස්ථාවේ එල්.ටී.ටී.ඊ. හිතවාදීන් බෝතල් හා බීම කෑන් යොදා ඔහු ගමන්ගත් මෝටර් රථපෙළට පහරදුන් බවත්, මෙම තත්ත්වය ඇතිවූයේ බ්‍රිතාන්‍ය ආරක්ෂක නිලධාරීන් බලාසිටියදී බවත් එහි සඳහන් වී ඇත.
එසේම දෙවැනි එළිසබෙත් මහ රැජිනගේ දියමන්ති සැමරුම් උලෙළට සහභාගී වූ ජනාධිපතිවරයාට ඇතැම් සාකච්ඡා අවලංගු කිරීමට සිදු වූ බවද වාර්තා වේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

