වියට්නාමයේ සංචාරයක නිරත වූ ජනපති අනුර කුමාර දිසානායක මහතා වියට්නාමයේ සිට ශ්‍රී ලංකාවට පැමිණි පෞද්ගලික ජෙට් යානය සඳහා සම්පූර්ණ වියදම දැරුවේ වියට්නාමයේ බෞද්ධ සංගමය බවත් එ වෙනුවෙන් ශ්‍රී ලංකාවේ රුපියලක්වත් වියදම් නොකළ බව විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා පැවැසීය.
ජනපතිවරයා වියට්නාම සංචාරයට එක්වූයේ වියට්නාම නිල ආරාධනාව අනුව බවත් එහිදී එක්සත් ජාතීන්ගේ වෙසක් උත්සවය වෙනුවෙන් ජනපතිවරයා එක්වූ බවත් අමාත්‍යවරයා පැවැසීය.
වියට්නාම සංචාරයට යාමේදී ගුවන් ටිකට් පත් රජයේ වියදමින් දරූ බවත් නැවත පැමිණීමේදී ජෙට් යානය වෙනුවෙන් වියට්නාම බෞද්ධ සංගමය දැරූ බැවින් නැවත පැමිණීමට ගුවන් ටිකට්පත් වියදමක් නොදැරූ බැවින් ඒ හරහාද මුදල් ඉතිරු වූ බව අමාත්‍යවරයා පැවැසීය.
