ඩී.ඒ. රාජපක්ෂ කෞතුගාරය තැනීමේදී රජයේ මුදල් අවභාවිත කළ බවට විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාට එවකට හිටපු ආරක්ෂ ලේකම් ලෙස ගොනුකර තිබූ නඩුවෙන් අද (21දා) ඔහු නිදහස් කිරීමට කටයුතු කළේය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 35/1 වගන්තිය අනුව ජනපතිවරයාට මෙසේ නිදහස හිමිවූයේ ජනපතිවරයාට එරෙහිව සිවිල් හෝ අපරාධ නඩුවක් පවත්වාගෙන යා නොහැකි බවට වන ප්රතිපාදනය හේතුවෙනි.
35 – 1 වගන්තිය - යම් තැනැත්තෙකු ශ්‍රී ලංකා ජනරජයේ ජනාධිපතිවරයා ලෙස ධුරය දරණ අවස්ථාවකදී, ඔහු විසින් පෞද්ගලික තත්ත්වයෙහි ලා හෝ නිල තත්ත්වයෙන් ලා කරන ලද හෝ නොකරන හරිල ලද කිසිවක් සම්බන්ධයෙන් ඔහුට විරුද්ධව කිසිම සිවිල් හෝ අපරාධ නඩු කටයුත්තක් පැවැරීම හෝ පවත්වාගෙන යෑම හෝ නොකළ යුත්තේය.
