ක්‍රීඩා අමාත්‍යාංශයේ කටයුතු නොසොයන්නැයි පසුගිය කැබිනට් මණ්ඩලයේදී කිසිම විටක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තමාට නොපැවසූ බව ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග මහතා ඊයේ (27දා) පැවසීය.
“මම කැබිනට් මණ්ඩලයේ සාකච්ඡා වූ දේවල් එළියේ කථා කරන්නේ නැහැ. නමුත් මෙතැනදී මම උත්තරයක් දිය යුතු වනවා. ජනාධිපතිතුමා එවැනි ප්‍රකාශයක් මට නොකළ බව කැබිනට් මණ්ඩලයේ සම ප්‍රකාශයක රාජිත සේනාරත්න මැතිතුමා පැවසුවා.
මට කියන්න තියෙන්නේත් එවැනි ප්‍රකාශයක් ජනාධිපතිතුමා කළේ නැහැ. මේ අසත්‍ය පුවත වාර්තා කිරීමෙන් අපහාසයක් වුණේ මට නෙමෙයි. ජනාධිපතිතුමාට. ක්‍රීඩාව ගැන සංවේදී දැනුමක් තියෙන ජනාධිපතිතුමා එවැනි ප්‍රකාශයක් කරයිද? මෙවැනි අසත්‍ය පුවත් ඇත්තටම මවන්නේ ඡන්ද පදනමක් නැති අනාථ වෙච්ච දේශපාලනඥයෝ.
ඔවුන් පස්ස දොරෙන් තානාන්තරවලට එන්න උත්සාහ කරනවා. ඔවුන්ට සල්ලිවල ප්‍රශ්නයක් නැහැ. සූදු ව්‍යාපාරවලින් උපයන කලු සල්ලි ඕනතරම් ඔවුනට තියෙනවා. ඒගැන මහජනතාවත් දන්නවා. ඒකනේ පසුගිය මහ මැතිවරණයේදී මේ අනාථ දේශපාලනඥයින් මහජනතාව විසින් ප්‍රතික්ෂේප කළේ.”