ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මැතිවරණ ප්රචාරක ව්‍යාපාරය ශක්තිමත් කරමින් (ජූලි 05) පොළොන්නරුවට යන බව ජනපති මාධ්‍ය අංශය පවසයි.
මහ මැතිවරණයට තරග කරන පොදුජන පෙරමුණේ අපේක්ෂකයින්ගේ ජයග්‍රහණය සහතික කරනු පිණිස ජනාධිපතිවරයා පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ජන හමු කිහිපයකට ද සහභාගී වීමට නියමිතය.
ජනාධිපතිවරයාගේ සහභාගීත්වයෙන් ඉරිදා (05) දවස පුරා දිස්ත්‍රික්කය පුරා ජන හමු සංවිධානය කර තිබේ.