ජනපති අප්‍රිකානු කොංග්‍රසයට සුබ පතයි
- 13 05 2014
- 19:51
- {{hitsCtrl.values.hits}} views
- . .
දකුණු අප්‍රිකාවේ පැවැති මැතිවරණයේදී අප්‍රිකානු ජාතික කොංග්‍රසය ලබාගත් ජයග්‍රහණයට සුබ පතමින් එරට ජනාධිපති ජේකොබ් සුමා වෙත සුබපැතුම් පණිවුඩයක් යොමු කිරීමට ජනපති මහින්ද රාජපක්ෂ මහතා කටයුතු කොට තිබේ.
අප්‍රිකානු ජාතික කොංග්‍රසය ලැබූ ජයග්‍රහණය වර්ණභේද විරෝධී ව්‍යාපාරයේ නෙල්සන් මැන්ඩෙලා, ඔලිවර් තම්බෝ ඇතුළු පක්ෂයේ නොබිඳෙන ශක්තියට සාක්ෂියක් බව ජනපතිවරයා සිය පණිවුඩයෙන් පවසයි.
එසේම ශ්‍රී ලංකාව හා දකුණු අප්‍රිකාව අතර පවතින මිත්‍රත්වය හා විශ්වාසය ශක්තිමත්ව ඉදිරියට පවත්වාගෙන යා හැකි වනු ඇතැයි ජනපතිවරයා සිය පණිවිඩයෙන් පවසයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
