ජනපති අපත් සමග එකතු වුණා - මහින්ද
තම රජය පැවැතියේ නම් මධ්‍යම අධිවේගය මීට වසර දෙකකට පෙර සදා නිම කිරීමට තිබුණ බවත් එක්සත් ජාතික පක්ෂය සමග කටයුතු කළ නොහැකි හෙයින් ජනපතිවරයා තමන් සමග එක්වූ බවත් විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා පැවැසීය.
ඊයේ (17දා) වේයන්ගොඩ නව සතිපොළ විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.
"අපේ රජය පැවතියේ නම් අධිවේගී මාර්ගය (මහනුවර - කොළඹ) මීට වසර 2කට පෙර සාදානිම කිරීමටයි තිබුණේ. එහෙනම් මේ වනවිට නුවර දක්වාම අධිවේගී මාර්ගය ඉදි වී අවසන්. අද මන්දගාමී වැඩපිළිවෙළකුයි ක්‍රියාත්මක වන්නේ. මේ ආණ්ඩුව කරපු කිසිම සංවර්ධන ව්‍යපෘතියක් ජනතාවට දකින්න ලැබෙන්නේ නැහැ. ජනාධිපතිතුමාට තේරුණා එජාපය සමග එකට යන්න බැහැ කියල. ඒ නිසා එතුමා අප සමග එකතු වුණා.
පළත් සභාවල නිළ කාලය අවසන් වූවාට ඡන්දය තියෙන බවක් පේන්නට නැහැ. ප්‍රදේශීය සභා ඡන්දයේදී වගේම පළත් සභාඡන්දයේදීත් එජාප ආණ්ඩුව හේදිළා යනවා. උතුරු පළත් සභාව බලය ඉල්ලුවාට, පළත් සභාවේ නිළ කාලය අවසන්වී විසුරුවා හැරලා තිබෙනවා. නමුත් ඡන්දය තියන්න කියා වචනයක්වත් කියන්නේ නෑ."

popular news
-
Champa Sunday, 17 February 2019 05:04 PM
ලැජ්ජයි. "ජනපති අපත් සමඟ එකතු වුනා" කියලා ඔබ කියන්නේ, මිනිස්සු අවුරුදු 4ක් කට්ට කෑවේ ඕකට කියල හිතලද? ඔබ, විමල්, ගම්මන්පිල, වාසු, දිනේෂ්, සහ ඉතුරු ඔක්කොම, ඔබ වෙනුවෙන් රැස්වීම් වලට පැය ගණන් දුර කතර ගෙවාගෙන, බඩගින්නේ, අව් වැසි නොතකා, රැකියා වලින් නිවාඩු අරන් සහ දුප්පත් මිනිස්සු දවසේ කුලිය අමතක කරලා දුක් විඳන් ආපු ජනතාව පාවල දුන්න. කවුද ඕගොල්ලන්ගේ ජනාධිපති අපේක්ෂකයා? ඔබව පරද්දපු මෛත්රීද? ඔබව දාල පැනල ගියපු බැසිල්ද? නැත්නම් මෛත්‍රී චන්දෙ ඉල්ලන බව දැනගෙන ඔබට නොකිය හිටපු ගෝඨාභයද? මතකද ශ්‍රී ලංකා මන්ත්‍රීවරු කිව්වා ඔබ පැරදුනාට පස්සේ මෛත්‍රී ගෝඨාභය අගමැති කරන්න හැදුව, ඔබ අකමැති වුනා කියලා. තව ඒ දවස්වල පත්තරේක තිබුන ඔබ පැරදුනාට පස්සේ බැසිල් විපක්ෂ නායක වෙන්න ඉල්ලුව. ඔබ අකැමති වුනා ඊට පස්සේ තමයි රටෙන් පැනල ගියා කියලා. මම දැක්ක බැසිල් විමල් දෙන්නම දෙපාරකට කියනවා යූඑන්පී පරද්දන්න නම් ශ්‍රීලනිප ඕනේ කියලා. නෙද්දකින්. එන්නකෝ ජනාධිපතිවරණෙට මෛත්‍රීට චන්දෙ ඉල්ලගෙන. පලවෙනි තක්කාලි ගෙඩිය ගහන්න ඕනේ විමල්ට. දෙවෙනි තක්කාලි ගෙඩියත් විමල්ට. තුන්වෙනි තක්කාලි ගෙඩියත් විමල්ට. ඊට පස්සේ තමයි ඉතුරු අයට.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
