ජනපතිත් සුභ නැකතට පැළයක් සිටුවයි
ඊයේ (15) පෙ.ව 11.17 ට උදා වූ සුබ නැකතින් ජනාධිපති නිල නිවස පරිශ්‍රයේ පළතුරු පැළයක් සිටුවා සුභ නැකතට පැළයක් සිටුවීමේ චාරිත්‍රය සමඟ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ද එක් විය.
තුන් පොකුරු යෝගය යෙදී තිබූ ඊයේ පෙ.ව 11.17 ට ස්වේත වර්ණයෙන් සැරසී නැගෙනහිර දිශාව බලා පැළ සිටුවීම යෝග්‍ය බවට මෙවර සිංහල හා දෙමළ අලුත් අවුරුදු චාරිත්‍ර අතරට එක් කර තිබුණි.
මතු පරපුර වෙනුවෙන් පරිසර සංරක්ෂණයේ වැදගත්කම අන්කවරදාටත් වඩා තදින් දැනී ඇති අද දවසේ එම චාරිත්‍රය සමග එක්ව සිය පුරවැසි වගකීම ඉටුකරන ලෙස අලුත් අවුරුදු උදාව සමඟ ජනාධිපතිතුමා සමස්ත රටවාසි ජනතාවගෙන් ඉල්ලා සිටියේ ය.


popular news
-
Champa Wednesday, 17 April 2019 05:41 PM
පොඩි නිවාඩුවක් ගන්න හිතුවට මේකට comment එකක් නොලියම බැහැ ඒ මොකොද කිව්වා නම් මේ පින්තූරේ දැක්කහම මට හිනාව නවත්ත ගන්න බැරි වෙච්ච නිසා. මගේ ජීවිතේටම දැකල නැහැ ගෙදර මිදුලේ පොඩි කොට්ටයක් දාල කොට්ටේ උඩ දන ගහගෙන පැල හිටවනවා. වැඩ වලින් මෙයත් රනිල් වගේම කළු සුද්දෙක්.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

