ජනපතිට හානිය තේරුණත් ප්‍රමාද වැඩියි - මහින්ද
18 වැනි ව්‍යවස්ථාව සංශෝධනයේ හානියක් තමන්ට නොපෙනෙන බවත් 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ හානිය දැන්වත් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාට තේරුම් යෑම පිළිබඳව ඔහුට ස්තූතිවන්න වන බවත් විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා පැවැසීය.
කෙසේ වෙතත් ජනපතිවරයා එය තේරුම් ගත්තත් දැන් ප්‍රමාද වී වැඩි බවත් ඔහු ප්‍රකාශ කළේය.
හඟුරන්කෙත පැවැති ආගමික වැඩසටහනිකනි අනතුරුව මාධ්‍ය යොමුකළ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඔහු මේ බව පැවැසීය.
“මට නම් තේරෙන්නේ නෑ 18 (ව්‍යවස්ථා සංශෝධනයේ) හානිය. කෙසේ වෙතත් 19 (ව්‍යවස්ථා සංශෝධනයේ) හානිය එතුමට තේරුණ එක ගැන ස්තූතිවන්න වෙන්න ඕන. දැනුත් පරක්කු වැඩියි.
තව මාස 4කින් මැතිවරණයක් තිබෙනවා. ඉතින් වෙලාවක් නෑ ඒවා වෙනස් කරන්න. මේ අත්හදා බලන යුගයක් නෙමෙයි.
පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක ඡන්දයක් අරගෙන ව්‍යවස්ථාව වෙනස් කරන්න ඕන. එහෙම නැතිව කරන්න බෑ. තුනෙන් දෙකක් තියෙනවද? දැන් නොකෙරෙන දේවල් ගැන කථාකරලා වැඩක් නෑ.”

popular news
-
Thilak Samareaweera Monday, 24 June 2019 02:30 PM
මට නම් තේරෙන්නේ 18 ව්‍යවස්ථා සංශෝධනය රටට හනිකරඊ. 19 ව්‍යවස්ථා සංශෝධනය මහජනතාවට වාසි ඉ. ජනතිපති බලතල කප්පාදුව කොචචර අගය කරන්න ඕනෙද?
Reply : 118 128
Champa Monday, 24 June 2019 04:58 PM
අනේ නිකම් ඉන්න. අවුරුදු 4ක් තිස්සේ රට අරාජික කරලා රට පාවා දීල හමුදා පාවා දීල බුද්ධාගමට කරන්න පුළුවන් ඔක්කොම කෙනෙහිලිකම් කරලා දැන් එයාට චන්දයක් ලං වෙනකොට කැලණිය වඳින්න හිතිලා. කිසි දවසක මිනිසුන්ගෙන් සමාවක් ලැබෙන්නේ නැහැ රටට කරපු අපරාධෙට.
Reply : 0 17
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

