ජනපතිට සහයෝගය නොදෙන පාර්ලිමේන්තුවක් තිබුණොත් එහි පාඩුව ජනතාවටයි - අගමැති
ජනාධිපතිවරයාට සහයෝගය දෙන පාර්ලිමේන්තුවක් මිසක ජනාධිපතිවරයාට වැඩ කිරීමට නොහැකි ආකාරයේ පාර්ලිමේන්තුවක් තිබුණොත් එහි පාඩුව වෙන්නේ රටේ ජනතාවට බව අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ මහතා අද (3දා) පැවසීය.
මහින්ද රාජපක්ෂ මහතා මෙසේ පැවසූයේ අද බෙලිඅත්තේදී පැවැති ජනහමුවකට සහභාගී වෙමිනි.
“වැඩ කරන්න පුළුවන් ජනාධිපති කෙනෙක් අද ඉන්නවා. ජනාධිපතිවරයාට සහයෝගය දෙන පාර්ලිමේන්තුවක් මිසක් ජනාධිපතිවරයාට වැඩ කරන්න බැරිවෙන ආකාරයේ පාර්ලිමේන්තුවක් තිබුණොත් එහි පාඩුව වෙන්නේ රටේ ජනතාවටයි.
එහෙම වුණොත් රටේ ජනතාවට අනිවාර්යෙන් සිදුවෙනවා දෙගොල්ලෝ අතර ගැටුම් බලාගෙන ඉන්න. ජනාධිපතිවරයා ජයග්රහණය කළා වගේම පාර්ලිමේන්තුව ජනාධිපතිවරයා නියෝජනය කරන දේශපාලන පක්ෂයට ලබා දීමයි කල යුත්තේ. පසුගිය කාලයේදී අපි එය දැක්කා. මෛත්රීපාල, රනිල් හිටියා. දෙගොල්ලො ගහගෙන දෙගොල්ලොම වැටුණා.
එයින් රටට වැඩක් වුණේ නැහැ. අපි රට කළ යුත්තේ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා නියෝජනය කරන දේශපාලන පක්ෂය ශක්තිමත් කරලා මන්ත්රීවරු වැඩි ප්රමාණයක් පාර්ලිමේන්තුවට යවලා ශක්තිමත් ආණ්ඩුවක් හදලා රටේ ඉදිරි ගමනට එය ඉවහල් කරගැනීමයි.
අපි අද ඔක්කොම එකතුවෙලා තිබෙනවා. එක පෙරමුණකින් තරඟ කරනවා. අද එක්සත් ජාතික පක්ෂය දෙකට කැඩිලා තිබෙන නිසා ඉතාම හොඳ ප්රථිඵල අපිට ලබන්න පුළුවන්. මට පේන්නේ එක්සත් ජාතික පක්ෂය රෙපයාර් කරන්න බැරි තත්ත්වයටම කැඩිලා.
දෙගොල්ලෝ කියාගන්න දේවල් දිහා බැලුවම පේනවා මේක එකතු කරන්න පුළුවන් එකක් නෙවෙයි කියලා. මෙවර ඉතාම අඩු ප්රතිශතයක් තමයි එක්සත් ජාතික පක්ෂයට ලැබෙන්නේ. පැරණිම දේශපාලන පක්ෂය. බණ්ඩාරනායක මහත්තයලා අපේ තාත්තලා ඒකෙන් අයින් වුණා. හැබැයි එක්සත් ජාතික පක්ෂය තිබුණා. හැබැයි මේ පාර ඒ තත්ත්වය හාත්පසින්ම වෙනස්. එක්සත් ජාතික පක්ෂයේ අවසානය වගෙයි දැන් පේන්නේ යැයිද කීවේය.”

popular news
-
Ayiyo salli Saturday, 04 July 2020 02:07 AM
Dan ayiyayi malliyi sahayogayen weda athi wada. Ekane Mahindanandayi Amunugamayi wedi thiyaganna tharamata maraganne. Ekane mudal amathi ayiyawath nathiwa central bank eka genalla media dagena madamulanata danenna banne
Reply : 0 0
Lion Saturday, 04 July 2020 07:34 AM
May yodaya kiyana ewata hinawenna katai pitipassai madi.
Reply : 0 0
rocky Saturday, 04 July 2020 08:13 AM
ovaa kohoma wunath paadu wenne janathaawatama thamayi. dennama eka paththen wunoth pawule kattiyata bohoma waasi wewi .. api dannawaa!
Reply : 0 0
Et Sunday, 05 July 2020 02:07 AM
Gotage magic eken sadin lankawen athurudahan kola. Mewani magic pennanna anduwata sadin bayiyoma dagamu
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
