මැතිවරණ කොමිසමට අනුව අද(5) පැවති මහමැතිවරණයේදී 71% ආසන්න ඡන්ද දායකයින් පිරිසක් තම ඡන්දය ප්රකාශ කර ඇති බව ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.
COVID-19 අවදානම ලෝකයෙන් තවමත් පහව ගොස් නොමැති අවස්ථාවක මහමැතිවරණයක් පැවැත්වූ දකුණු ආසියාවේ පළමු රට ලෙස ජනතාව රජයේ සෞඛ්යාරක්ෂිත ක්රමවේදයන් මත තැබූ විශ්වාසය පිළිබදව තම ස්තූතිය පළ කරන බවද ජනපතිවරයා සඳහන් කරයි.