ජනපතිවරණයට පෙර පාර්ලිමේන්තු මැතිවරණයක් ගැන ජනපතිගෙන් ඉඟියක්
ශ්‍රී ලංකාවේ වර්තමානයේ පවතින අස්ථාවරත්වය අනුව ජනපතිවරණයට පෙර පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වීමට ඇති හැකියාව තමන්ට බැහැර කළ නොහැකි බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කරයි.
ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා දේශීය හා විදේශීය ජනමාධ්‍ය ආයතනයන්හි ප්‍රධානීන් හා පැවැත්වෙන සාකච්ඡාවකදී ඔහු මේ බව සඳහන් කළේය. ජනපති නිල නිවසේදී මෙම හමුව පැවැත්වෙයි.
රටේ පවතින තත්ත්වය යටතේ ඉදිරියට ගමන් කළ යුතු ආකාරය පිළිබඳව දැනුවත් කිරීම සඳහා මෙම හමුව පැවැත්වෙයි.
මේ වන විට රට පවතින ආර්ථික අස්ථාවරත්වයෙන් රට ගොඩ නැගීම සඳහා දේශපාලන වෙනස්කම් අමතක කරමින් රට වෙනුවෙන් වැඩ කිරිමට එක්වෙන ලෙසද ජනපතිවරයා මෙහිදී සඳහන් කළේය.

popular news
-
Batangala Wednesday, 06 March 2019 11:24 AM
ඔහෙට ඕන ඔයාට 2015 දී දහාතේ අපහස කරපු අර ලංකාවටම එපාවුණා කට්ටියට බලය ලබා දීම්මද? රටේ බහුතරයක් දැන් පවතින රජය කරපු දේවල් ගැන දොස් කියන බව අපි දන්නවා. බලයට ආපු ගමන් අගමැතිට ඕනවට වඩා බල තල දුන්නේ ඔහෙම තමා. අර චම්පික ඇමතිතුමා නැත්නම් සියලු බල තල පුජ කරනවා. UNP එකේ හැටි නොදැනද පෙරමුණු ගැහුවේ ජනාධිපති කමට ඉල්ලුවේ ? ජනතාවට තියෙන ප්රශ්නය ඔබව පැරදුනානම් පසයට වලදාන කතාව කියපු කටින්ම මේවගේ දෙබිඩි කතා කියන්නේ කොහොමද කියන එක ගැන. අපිට පෙන විදියට ඔබට ලබන වතාවේදී ඔය තනතුරට ඉල්ලන අවස්ථාව පොහොට්ටුවෙන් ලබා දෙන්නේ නැහැ. ජනතාව දැන් ඉන්න දේශපාලකයෝ ගැන හොඳට දන්නවා. ඔක්කොම කරන්නේ කටින් බතල හිටවන එක.
Reply : 0 12
Champa Wednesday, 06 March 2019 03:56 PM
රටේ අස්ථාවර කලේ ඔබ. ඒ හින්ද ඉස්සෙල්ල තියන්න ඕනේ ජනාධිපතිවරණයක්. ඒ මොකොද කිව්වා නම් පාර්ලිමේන්තුව ගැන මිනිස්සුන්ට විශ්වාසයක් නැහැ. තමන් චන්දෙ දෙන පාර්ලිමේන්තු අපේක්ෂකයා තවදුරටත් එම පක්ෂයේම රැඳිලා ඉන්නේ නැති බවත් ප්‍රතිපත්ති වෙනස් කරන බවත් ජනතා කැමැත්තට හාත්පසින්ම විරුද්ධව පාර්ලිමේන්තුවේදී හැසිරෙන බවත් දැක්කට පස්සේ මිනිස්සුන්ට පාර්ලිමේන්තුව ගැන විශ්වසේ බිඳිලා ගියා. පාර්ලිමේන්තු මැතිවරණයක් තියෙනව නම් ඊට ඉස්සෙල්ල පනතක් ගේනන ඕනේ තමන් පත් වෙච්ච පක්ෂෙන් පිට යන්නේ නැහැ කියලා. පක්ෂ මාරු කරන්න බැහැ කියලා. මිනිස්සු ඊළඟ පාර්ලිමේන්තු මැතිවරණයේදී ඉස්සර වගේ පක්ෂ නායකයන්ට ඕනේ මිනිස්සුන්ට චන්දෙ දෙන්නේ නැතිවෙයි. තියල බලන්නකෝ.
Reply : 0 6
ranjith Thursday, 07 March 2019 04:52 AM
එක පාරක් එන ගෙන තවත් කෙදිරි ගානවා
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

