ජනපතිගේ පෞද්ගලික ලේකම් ඉවත් වීමට හේතු කියයි
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පෞද්ගලික ලේකම් තනතුරින් ඉල්ලා අස්වූයේ ඉදිරි දේශපාලන කටයුතු සිදුකිරීමට බව එරික් වීරවර්ධන මහතා සඳහන් කළේය.
තමන් ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයට තරග කිරීමට බලාපොරොත්තු වන බවත්, පෞද්ගලික ලේකම් තනතුරේ සිටිමින් එම කටයුතුවලට සූදානම් වීමට නොහැකි බැවින් පුද්ගලික ලේකම් තනතුරින් ඉල්ලා අස්වූ බවත් අද (07දා) දින පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී හෙතෙම සඳහන් කළේය.
එහෙත් තමන් ජනාධිපති සම්බන්ධීකරණ ලේකම්වරයෙකු ලෙස කටයුතු කරන බවද ඔහු පවසා සිටියේය.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉතා හොඳ නායකයෙකු බවත්, ඔහු රට වෙනුවෙන් දිනකට පැය 16ක් වැඩ කරන බවත් ඒ මහතා පැවසීය.

popular news
-
Duminda Tuesday, 08 January 2019 02:48 AM
අය්යෝ රටේ ජනපති උදේ 6:00 වෙනකම් බුදිද . ඇති රට මෙහෙම යනවා
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

