ජනපතිගේ කමිටුවට මාත් ෆයිල් දෙකක් දෙනවා
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පසුගිය වසර තුන හමාරේ සිදුව ඇති වංචා දූෂණ සෙවීම සඳහා කමිටුවක් පත් කළහොත්, තමාද එම කමිටුව හමුවට යන බව සංවර්ධන උපාය මාර්ග සහ ජාත්‍යන්තර වෙළෙඳ නියෝජ්‍ය අමාත්‍ය නලින් බණ්ඩාර මහතා පැවසුවේය.
ඉතාමත් බරපතල කරුණු ඇතුළත් කරමින් සකස් කර තිබෙන එම ලිපි ගොනු දෙක කමිටුව පත් කළ පසුව බාර දීමට සූදානම් කර තිබෙන බවද නියෝජ්‍ය අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.
සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ අද (21දා) පැවැති මාධ්‍ය හමුවකදි වැඩිදුරටත් අදහස් දැක්වූ නලින් බණ්ඩාර මහතා ප්‍රකාශ කළේ, බුද්ධාගමට ප්රමුඛ ස්ථානය නොදී නව ව්‍යවස්ථාව සකස් කර තිබුණහොත් තමා ඊට සහාය ලබානොදෙන බවයි.

popular news
-
Lal Monday, 21 January 2019 07:07 PM
ඔහේලගේ ලොක්කයි එයාගේ මිතුරුකැලයි කරපු මහාබැංකු මංකොල්ලය ගැනත් ෆයිල් එකක් ඉදිරිපත් කලොත් හොදයි නේද..
Reply : 0 0
Ruvan Wednesday, 23 January 2019 07:17 AM
නියෝජ්‍ය ඇමති තෙවරප්පෙරුම ෆෛල් දෙකක් දෙනවා මාර්ෂල් ෆොන්සේකා ගැන; ඔබේ ෆෛල් දෙකත් ඒ ගැනමද?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

