ජනාධිපතිවරණයට මම නම් ලෑස්තියි
මෙම වසරේදී ජනාධිපතිවරණයක් පැවැත්වීමට නියමිත බවත්, ඒ සඳහා තමන් සූදානම් බවත් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කළේය.
මෙරට දේශපාලනඥයන් ජාතිකත්වය යන්න වැරදි අයුරින් අර්ථකථනය කර ජාතිවාදය බවට පත්කරගෙන තිබෙන බවද හෙතෙම පවසා සිටියේය.
එහිදී සභාව ඇමතූ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා මෙසේද කීය, "මේ අවුරුද්ද වැදගත් අවුරුද්දක්. මේ අවුරුද්දෙ ජනාධිපතිවරණයක් තියෙන්න ඕනෑ. මම නම් ඒකට ලෑස්තියි, ඔබත් ලෑස්තිනම්" යැයි සඳහන් කළේය.
එමෙන්ම, ලෝකයේ අනෙකුත් රටවල් සේ ඉදිරියට යෑමට නම්, ශ්රී ලාංකිකයෙකු යන හැඟීම තහවුරු කරගත යුතු බවත් ඔහු සඳහන් කළේය.
ජාති, ආගම් භේදයකින් තොරව සියලු දෙනා ශ්රී ලාංකිකයෙකු බවත්, එය සෑම කෙනෙකුම තහවුරු කරගෙන ඉදිරියට යා යුතු බවත් හිටපු ආරක්ෂක ලේකම්වරයා පවසා සිටියේය.
'වියත් මග' සංවිධානය විසින් පෙරේදා (12දා) බත්තරමුල්ල වෝටර්ස් එජ් පරිශ්රයේදී පවත්වන ලද සම්මන්ත්රණයට සහභාගි වෙමින් මේ බව සඳහන් කළ හිටපු ආරක්ෂක ලේකම්වරයා, ආසියාවේ දියුණු වූ හැම රටකම නායකයෙකු රට හා ජාතිකත්වයජනතාව අතරට ගෙන ගියබවත්, මෙරට දියුණු කිරීමට හැකිවනුයේ ජනතාවගේ ප්රශ්න ඒ අයුරින් හඳුනාගෙන කටයුතු කිරීමෙන් බවත් පැවසීය.

popular news
-
Nandana Monday, 14 January 2019 05:40 PM
ඔන්න ඉල්ලන් කන්න හදනවා .
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

