ජනතා විරෝධය හමුවේ නාමල් පසු බසී
ක්‍රීඩා හා යෞවන කටයුතු ඇමති නාමල් රාජපක්ෂ මහතා අද (30දා) බණ්ඩාරවෙල ක්‍රීඩා පිටිය විවෘත කිරීමේ උත්සවයකට පැමිණීමට නියමිතව සිටියද ජනතා විරෝධය හමුවේ ඇමැතිවරයා මෙම උත්සවයට නොපැමිණියේය.
ඇමති නාමල් රාජපක්ෂ මහතා අතින් විවෘත කිරීමට නියමිතව තිබූ නවීකරණය කරන ලද ක්‍රීඩා පිටිය බණ්ඩාරවෙල නගරාධිපති ජනක නිශාන්ත රත්නායක මහතා විවෘත කළේය.
ඉන්ධන ලබා දෙන ලෙස ඉල්ලා බණ්ඩාරවෙල බදුල්ල මාර්ගය බණ්ඩාරවෙල නගරය ආසන්නයේදී හරස් කර ඉන්ධන ලබා ගැනීමට පැමිණි විශාල පිරිසක් විරෝධතාවක නිරත වූහ.
බදුල්ල බණ්ඩාරවෙල මාර්ගය අවහිර වන පරිදි වාහන නවතා තිබූ බැවින් එම මාර්ගයේ ගමනාගමනය පැය කිහිපයක් සම්පූර්ණයෙන් අවහිර වී තිබූ අතර එම ස්ථානය මගහැර විකල්ප මාර්ග ඔස්සේ රථ වාහන ධාවනය කිරීමට පොලිසිය ඉඩ සලසා දී තිබුණි.
විරෝධතාකරුවන් ඉවත් කර මාර්ගය විවෘත කර ගැනීම සඳහා බණ්ඩාරවෙල පොලිසිය මහත් වෙහෙසක් ගන්නා අයුරු දක්නට ලැබුණි.
හල්දුම්මුල්ල සමන් පාලිත නානායක්කාර


popular news
-
Gk kumarapala Friday, 01 April 2022 06:43 PM
ජනතාවට දේසපාලනය අවශ්‍ය නැති නම්. ඔබතුමලගෙන් සහනයක් ලැබෙන්නෙත් නැති නම් තමන්ගේ වැදගත් උගත් කම රැකගෙන පුළුවන් කෙනෙක්ට කරගන්න ඉඩ දී ඉල්ලා අස් උනා නම් ඉවරයිනේ
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

