මාස දෙකක කාලයක් ඇතුළත දෙවැනි වරටත් ඉන්ධන මිලෙහි වැඩි වීමක් අත්දකින පළමු අවස්ථාව මෙය බවත් මෙලෙස ඉන්ධන මිල හැසිර වීම තුළින් වත්මන් ආණ්ඩුව ජනතාව මහා පරිමාණ ලෙස සූරා කෑමකට ලක් කරමින් සිටින බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
ආණ්ඩුව මෙලෙස ඉන්ධන මිල නිරන්තරයෙන් අඩු වැඩි කිරීම් සිදු කරනු ලබන්නේ අවුරුද්ද අවසානයේ ඉන්ධන අලෙවියෙන් වැඩි ආදායමක් ලබා ගැනීමේ අපේක්ෂාවෙන් බවත් එම නිවේදනයෙන් හිටපු ජනාධිපතිවරයා වැඩිදුරටත් පෙන්වා දී තිබේ.
