ජනතාව විදින පිඩනය මේ ආණ්ඩුවේ දේශපාලඥනයින්ට දැනෙන්නේ නෑ - මහින්ද
අද වනවිට විදුලිය කපනවා. ජලයත් කපලා මෙම ආණ්ඩුව කිසිම කළමනාකරනයක් නැතුව කොමිස් ගැහිල්ල අරමුණු කරගෙන ආණ්ඩුව කරගෙන බවත්, රටේ ජනතාව විදින දුක පීඩනය පිළිබඳව කිසිම අවබෝධයක් මෙම ආණ්ඩුවේ දේශපාලන නායකයින්ට නොමැති බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
බලංගොඩ, නළුවෙල ශ්‍රී සුදර්ශනාරාම විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකරන ලද චෛත්‍යය රාජයාණන් වහන්සේගේ කොත නිරාවරණය කිරීමෙන් අනතුරුව පැවති උත්සවයේදී ඔහු මේ බව පැවසීය.
වැඩිදුරටත් අදහස් දැක්වූ මහින්ද රාජපක්ෂ මහතා,
මේ ආණ්ඩුව ටී.එන්.ඒ එකේ සහයෙන් තමයි ආණ්ඩුව කරගෙන යන්නේ. තුනෙන් දෙකේ බලය තියෙනවා කියලා කයිවාරු ගැහුවා. නමුත් අයවැයෙන් තුනෙන් එකක් පරාජයට පත්වුණා.
අද මෙම ආණ්ඩුව පරාජිත ආණ්ඩුවක් බවට පත්වෙලා. රට අගාධයට යන එක දේශපාලනඥයින් වශයෙන් අපට මෙන්ම ජනතාවටද බලාගෙන ඉන්න බැහැ. බුදු දහමට තිබුණු තැන අලුත් ව්‍යවස්ථාවේ නැහැ. අලුත් ව්‍යවස්ථාවේ සඳහන් වන්නේ බුදු දහම ලෙස නොව ආගම ලෙසයි.
මේ දවස්වල පුරාවස්තු ඩෝසර් කරනවා. විජිතපුර නටඹුන් ඩෝසර් කරලා නිවාස හදන්නයි මේ අය හැදුවේ. කැලෑ ටිකත් කපාගෙන යනවා. ජනතාව මේවා බලාගෙන හිටියොත් රට කාන්තාරයක් බවට පත්වෙන බවද මහින්ද රාජපක්ෂ මහතා වැඩිදුරටත් පැවසීය.
කෂිනි හපුආරච්චි

popular news
-
weliweriye dil Sunday, 31 March 2019 03:47 PM
ගෝඨාභය රාජපක්ෂ සහා මහින්ද රාජපක්ෂ ඉක්මනින් පරලොව සැපත් වේවා !!! ගෝඨාභය රාජපක්ෂට සහා මහින්ද රාජපක්ෂට දෙවියන්ගේ ශාපය ඇති වේවා !! ගෝඨාභය රාජපක්ෂ ඉක්මනින් පරලොව සැපත් වේවා !!! ගෝඨාභය රාජපක්ෂට දෙවියන්ගේ ශාපය ඇති වේවා !!
Reply : 0 1
Champa Sunday, 31 March 2019 04:24 PM
විජිතපුර නටබුන් නිවාස අමාත්‍යංශයෙන් ඩෝසර් කරන්න ඇත්තේ නිදන් හොයන්න. නැත්නම් ඉතින් වෙන තැන් නැතුවටද පුරාවස්තු ඩෝසර් කරලා එතන ගෙවල් හදන්නේ? ඊට පස්සේ අනුරාධපුරෙත් ගියා පන්සලට අයිති ඉඩම් වලින් කොටසක් ඉල්ලලා ගෙවල් හදන්න. මට මතක නැහැ හාමුදුරුවෝ කැමති වුනාද කියල. පැරණි රාජධානි තියෙන හැම තැනම වටින නිදන් වස්තු තැන්පත් කරලා තියෙනව. විජිතපුර වැඩෙන් පස්සේ පරණ පන්සල් වල චෛත්‍ය හදනව කිව්වා. ඒ කියන්නේ ඒ තැනුත් හාරන එක. විජිතපුර විනාශේ ගැන කිසිම පරීක්ෂයනක් කලේ නැහැ අද වෙනතුරු. ඒ වෙනුවට නීත්‍යනුකූලවම නිවාස ඇමතිට ඒ වැඩේ කරන්න සංස්කෘතික අමාත්‍යාංශයත් බාර දුන්න. ඔන්න වැඩ.
Reply : 1 1
Don Sunday, 31 March 2019 05:32 PM
රාජපක්ෂලාට විතරයි ජනතාවගේ පීඩනය දැනෙන්නේ.
Reply : 3 1
rocky Sunday, 31 March 2019 06:52 PM
තාජුදීන් වෙනුවෙන්, ලසන්ත් සහ එක්නැලිගොඩ වෙනුවෙන් ඔවුන්ගේ ඥාති මිත්‍රයන් තුල පලැහෙන වේදනාව රාජපක්සලාට දැනෙන්නේ නැතුවා වගේ තමයි!
Reply : 0 9
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

