ජනතාව බිල්ලට දෙන්න එපා - ලංකාව බහිරව කන්දක් නෙවෙයි
ආර්ථිකය ගැන පෙන්වමින් ජන ජීවිතය බිල්ලට නොදෙන ලෙස හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවැසිය. කොවිඩ් සම්බන්ධයෙන් මාධ්‍යය වෙත විශේෂ ප්‍රකාශයක් කරමින් ඔහු මේ බව පැවැසීය.
“කොවිඩ් රෝග පාලන එන්නත් කෝටි තුනක ප්‍රමාණයක් මෙරට ජනතාවට අවශ්‍යයි. එම එන්නත් ප්‍රමාණය මෙම වසර තුළ ගෙන්වා ගැනීමේ අපහසුතාවක් තිබෙනවා. එම නිසා කොවිඩ් පාලනය වෙනුවෙන් අලුතින් සිතා අලුත් වැඩපිළිවෙලක් සකස් කිරීමේ අවශ්‍යතාවයක් පවතිනවා.
ඇස්ට්‍රාසෙනිකා එන්නතේ පළමු මාත්‍රාව ලබාගත් පිරිසට එහි දෙවෙනි මාත්‍රාව දිය යුතු වෙනවා. නමුත් එහි හිඟයක් පවතින නිසා එම එන්නත ගෙන්වා ජනතාවට ලබා දෙන්න රජය කටයුතු කළ යුතුයි.
රජයත්, තවත් කොටසක් පෞද්ගලිකවත් අවශ්‍ය එන්නත් ප්‍රමාණය ගෙන්වා ගන්න උත්සාහ දරමින් සිටිනවා.රජය එන්නත්කරණය කරගෙන ගියත් සියලු පුරවැසියන්ට මේ වසර තුළදි එන්නත් දී අවසන් කරන්න බැරි වෙනවා.
එම නිසා වෛද්‍ය උපදෙස් ගෙන පළමුව කළ යුත්තේ වෛරසය තවදුරටත් ව්‍යාප්තවීම පාලනය කර ගැනීම යි. මෙතනදී කාලෝචිතම දේ වෛද්‍ය උපදෙස් පිළිගැනීමයි.
ආර්ථිකය ගැන පෙන්වමින් ජන ජීවිත බිල්ලට දෙන්න එපා. මොකද ලංකාව බහිරව කන්දක් නොවෙයි. ලංකාවේ රුපියල බාල්දු වුනේ මහ බැංකුව මුදල් අච්චු ගැසූ නිසයි.
එන්නත වෙනුවෙන් ඩොලර් කෝටි 20 ක් ඉකුත් නොවැම්බරයේදි ආයෝජනය කළා නම් එන්නත් ප්‍රශ්නයක් මේ රටේ නෑ.
විදේශ විනිමය ගැන පමණක් සිතා ඉන්දියානු සංචාරකයන් මෙරටට ගෙන්වා ගැනීම නිසා වෛරසය තව තවත් පැතිරුණා.
අද අපට පෙනෙන්නේ පවතින තිබෙන කොවිඩ් පාලන කමිටුවලින් මේවා කරන්න බැරි බවයි. රට වහන්න අවශ්‍ය නම් රට වසා, සහන අවශ්‍ය ජන කොටස් වලට සහන දෙන්න. ජනාධිපතිතුමාත් කැබිනට් මණ්ඩලයත් ව්‍යවස්ථාවෙන් තිබෙන බලතල ගෙන රෝග ව්‍යාප්තිය පාලනයට අවශ්‍ය සැලසුම් සකස් කරන්න.
කැබිනට් මණ්ඩලය බාල්දු කරන්න එපා. රටේ සෞඛ්‍ය ආරක්ෂාව තහවුරු කිරීම වෙනුවෙන් අවශ්‍ය බලය ගෙන කටයුතු කරමු. එසේ කරමින් රට ජාතිය බේරා ගන්න අවශ්‍ය කටයුතු කරන්න.”
popular news
-
Demuni Uduwara Monday, 24 May 2021 01:49 AM
Already claimed the lives of people by rulers- demons and devils.
Reply : 0 0
සනත් චන්ද්‍රසිරි Monday, 24 May 2021 09:53 AM
ආන්ඩුව කොවිඩ් එක්ක ලොකු සෙල්ලමක් කරනවා වගේම ලොකු බිස්නස් එකක් තමයි ඇස් පනාපිටම කරන්නෙ.ජනාධිපතිත් මේ සේරම දැනගෙන සද්දයක් නැතිව ඉන්නවා.එක මාසයෙන් ලංකාවෙම කොරෝනා හොද කරන්න පුලුවන් බෙහෙත් අපේ වෙද මහත්තුරු හදලා තියෙනවා.ඇයි ඒ බෙහෙත් දීලා ඔය ලෙඩේ හොද කලානම්, එක මිනිහෙක් වත් නොමරා බේරගන්න පුලුවන්නෙ.එහෙම නොකරන එකම හේතුව තමන්ගෙ බිස්නස් එකට කෙළවෙනවා.ඒකයි හේතුව.කොහොමද හොදකරන ක්‍රමය කරන්නේ කියලා දැනුවත් කරන්න අවශ්‍ය නම් උපදෙස් මාලාව ලබාදිය හැකියි.මේ ඉතා කෙටි අදහසකි.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

