සමගි ජන බලවේග ආණ්ඩුවක් ආ සැනින් අනිවර්යයෙන්ම ගොවියාට රසායනික පොහෝර ලබාදෙන බවත් එමෙන්ම වගා වන්දියක් ලබාදෙන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා අද(4) බෙන්තර ඇල්පිටිය ප්‍රදේශයේ ජන හමුවකදී කීවේය.
එහිදී තව දුරටත් කතා කළ ෆොන්සේකා මහතා මෙසේ ද කීවේය.
මේ රජය ආවේ ජනතාවට සුරංගනා ලෝකයක් මවා පාලා රටේම නැති බොරු පොරොන්දු දීලා.අද ඒ දුන් පොරොන්දු එකක්වත් ඉටුකරේ නැහැ.ජනතාව අද හාමතේ වේලෙනවා.
මේ රට හදන්න පුලුවන් සමගි ජන බලවේගයට විතරයි.අපි දේශපාලනයෙන් හරිහම්බ කරපු අයනෙමෙයි.අපිට දේශපාලනයෙන් හම්බ කරගන්න ඕන නැහැ.අපිට අවශ්‍ය පීඩාවට පත්වෙලා ඉන්න ජනතාවට සේවය කරන්නයි.ඒකටයි අපි මේ වෙහෙසෙන්නේ යයි ද ෆොන්සේකා මහතා කීවේය.
කරන්දෙණිය එම්.සුසිල් ප්‍රියන්ත