බැසිල් රාජපක්ෂ ඇමැතිතුමාට තියා සක්‍රයාගෙන් වැඩකරවා ගන්න පවා ලෙස රට ආර්ථික වශයෙන් ඉතා අමාරු තැනකට වැටී ඇති බව ශ්‍රී.ලං.නි.ප මහලේකම් රාජ්‍ය ඇමැති දයාසිරි ජයසේකර මහතා පවසයි.
ශ්‍රී.ලං.නි.ප ප්රතිසංවිධාන වැඩපිළිවෙළ යටතේ ගාල්ල දිසා ශ්‍රී.ලං.නි.ප ප්‍රාදේශිය නායකයින් දැනුවත් කිරිමේ වැඩසටහනින් පසු මාධ්‍යයට අදහස් දක්වමින් දයාසිරි ජයසේකර මහතා මේ බව සදහන් කළේය.
“ජනතාවට දෙන්න නෙවෙයි ජනතාවගෙන් ගන්න වෙනවා කියලා බැසිල් රාජපක්ෂ මුදල් ඇමතිතුමා ඉතා පැහැදිලිව කීවානේ. ජනතාවගෙන් ගන්න දෙයක් නෑ. ජනතාව ලෙල්ලට වැටිලා ඉන්නේ. අපිත් ඉන්නේ අමාරුවෙන්.
කොහොම වුණත් ඉතා අමාරු අයවැයක් තමයි බැසිල් රාජපක්ෂ මුදල් ඇමතිතුමාට ඉදිරිපත් කරන්න වෙලා තියෙන්නේ. ලංකාවේ තියෙන අමාරුම කාල වකවානුව තමයි මේ යන්නේ. සක්රයාගේ වැඩ බැසිල් ඇමතිතුමාට කරන්න බැහැ.
බොහොම අමාරු තැනක තමයි රට තියෙන්නේ. මුදල් ඇමතිතුමා උත්සාහ කරාවි ජනනාවට යම්කිසි සහන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්න.
මා විශ්වාස කරන ආකාරයට අගමැති මහින්ද රාජපක්ෂ මහතා තමයි මේ රටේ ඉන්න පරිනතම දේශපාලනඥයා. එතුමාගේ කථාව අනික් අයට ආදර්ශයක්. ඒකවත් තෙරෙන්නේ නැතිනම් කියන්න දෙයක් නෑ”
හිනිදුම රවීන්ද්‍ර ශ්‍රීලාල්, කරන්දෙණිය සුසිල් ප්‍රියන්ත