මහජනතාවට ඇහුන්කම් දෙන නිලධාරීන් පිරිසක් වහාම සෑදිය යුතු බවත් එසේ සේවය කළ නොහැකි නිලධාරීන්ට ස්ථාන මරු ලබා දීමට වහාම පියවර ගන්නා බව කම්කරු හා වෘත්තීය සමිති සබඳතා ඇමති රන්වින්ද්ර සමරවීර මහතා පවසයි.
අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ, නියෝජ්‍ය සහ සහකාර කම්කරු කොමසාරිස්වරුන් වෙනුවෙන් ඊයේ (09දා) කම්කරු දෙපාර්තමේන්තුවේ පැවැත්වූ
එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා,“ වතුකරයේ අහිංසක ජනතාව නොයෙක් ප්‍රශ්න මත ජීවත් වන්නන්. ඒ පිරිස් පොඩි ප්‍රශ්නයකට පවා කම්කරු කාර්යාලයට පැමිණෙන විට විවිධ තැරව්කාරයන්ට හසු වෙනවා. මේ අහිංසක මිනිස්සු සමහරක් කොළඹ දැකලවත් නැහැ. ඔවුන් ඔවුන්ගේ ප්‍රශ්න හමුවේ කොළඹ පැමිණි විට මෙවන් කූට ජාවාරම්කරුවන්ට හසු වෙනවා.
මෙවන් අසාධාරණකම්වලින් අසරණ ජනතාව බේරා ගැනීම සඳහා අපි මහ බැංකුව සමඟ එකතුවී ජංගම සේවයක්ද ආරම්භ කිරීමට සියලු කටයුතු සුදානම් කර අවසන්. යම්කිසි සහායක් බලාගෙන පැමිණෙන මනුස්සයන්ට නොසලකා හරින විට දැනෙන වේදනාව කොහොමද කියලා තමන්ගේ හදවතෙන් මුලින්ම අහන්න. කොහොම වුණත් සේවාදායකයාගේ කටයුත්ත ප්‍රමාද කරන්න අපට බැහැ.
වෘත්තීය සමිති ඒ සම්බන්යෙන් දරන මතය නම් සුභවාදී නැහැ.මොනවා හරි වුණාම මිනිස්සු උද්ඝෝෂණ කරනවා. බෝඩ් එල්ලන් පාරේ ඉන්නවා. බෝඩ් එල්ලගෙන ඉන්නකොට දේවල් ලැබෙනවා නම් හැමෝම බෝඩ් එල්ලන් ඉන්න පටන් ගනීවි. මේ සියල්ල පිටුපස වෘත්තීය සමිති ඉන්නවා. ඒ වගේමයි හැකි සියලු දේ අපි වෘත්තීය සමිති සමග සාකච්ඡා කර ලබා දෙනවා. එම නිසා වඩා වැදගත් වන්නේ ප්‍රශ්නයක් නොවන විදියට පහසුවෙන් විශිෂ්ට සේවාවක් සේවාදායකයන්ට ලබා දීමට අධිෂ්ඨාන කර ගන්න. යැයි පැවසීය.

රජයේ නිල පුවත් වෙබ් අඩවිය ඇසුරිනි