ජනතාවගේ ජිවන තත්වය නගා සිටුවන්න ජාතික ආණ්ඩුවක් පිහිටුවනවා - අකිල
ජනතාවගේ ජීවන තත්වය නගා සිටුවීම වෙනුවෙන් පසුගිය වසරවල සැලසුම් කළ සංවර්ධන යෝජනා ක්‍රම අතරමග ඇනහිටීමකින් තොරව ක්‍රියාත්මක කිරීම සඳහා ව්‍යවස්ථානුකූල ප්‍රතිපාදන යටතේ ජාතික ආණ්ඩුවක් පිහිටුවීමට කටයුතු කරන බව එක්සත් ජාතික පකෂ මහලේකම් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.
එක්සත් ජාතික පක්ෂ මහලේකම් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා මේ අදහස් ප්‍රකාශ කළේ ඊයේ (05) කෝට්ටේ සිරි පැරකුම්බා පිරිවෙනේ වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමින් පැවති උත්සවය අවසානයේ මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්න වලට පිළිතුරු ලෙසයි.
ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති ජාතික ආණ්ඩුවේ බහුතරය සමන්විත වූයේ වෙනත් පක්ෂවල සහයෝගය අනුව බව පැවසූ අමාත්‍යවරයා ඉදිරියේ බිහිකරන ජාතික ආණ්ඩුවට ද වෙනත් පක්ෂවල සහයෝගය ලැබෙන බව පෙන්වා දුන්නේය.
ආණ්ඩුවේ ශක්තිමත්භාවයට පාර්ලිමේන්තුව තුළ එකසිය දහතුනක බහුතරය වැදගත් බව පවසන මහලේකම්වරයා ජනතා ගැටළු විසඳීමට පෙර පැවති ජාතික ආණ්ඩුවට වඩා ස්ථාවර ජාතික ආණ්ඩුවක් ඒ අනුව නිර්මාණය කරන බව ද පැවසිය.

popular news
-
Bandula. Thursday, 07 February 2019 09:01 AM
අනේද කියන්නේ! අපේ රටේ පහුගිය වසර ගණනාවක්ම ජනතාවට නැග්ග නැගිල්ල අදවත් බස්සා ගන්න බැරුව ඉන්නේ.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

