ජනතාවට මේ පවතින තත්ත්වය පිළිබඳව කිසිම වගකිමක් නැති බවයි පේන්නේ - පවිත්‍රා
ජනතාවට තවම මේ පවතින කෙරෝනා වෛරසය සම්බන්ධයෙන් කිසිම වගකිමක් නැති බව ඔවුන්ගේ ක්‍රියා කලාපයන් අනුව පෙනි යන බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රි වන්නිආරච්චි මහත්මිය ප්‍රකාශ කළාය.
රජයට මෙය විසදිමේ හැකියාවක් පවතින බව පැවසිය යුතු බවත් නමුත් රටේ ජනතාවට මේ සම්බන්ධයෙන් යම් වගකිමක් ඇති නිසා විමසිලිමත්ව ක්‍රියා කිරිමට වගබලා ගත යුතු බවත් සෞඛ්‍ය අමාත්‍යතුමිය වැඩිදුරටත් පැවසීය.
තමන් නියෝජනය කරන රත්නපුර ප්‍රදේශයේද මේ වන විට රෝගින් 3 දෙනෙකු පමණ හදුනා ගෙන ඇති බවත් එම ප්රදේශවලද ජනතාව කඩ සාප්පු වීවෘත කර ගනිමින් අනවශ්‍ය රාජකාරිවල නිරිත වෙමින් මාර්ගවල සැරිසැරිම නිසා මේවැනි ව්‍යසනයකට පත් වු බවත් පැවසු සෞඛ්‍ය අමාත්‍යතුමිය මේ නිසා රජය විසින් පවසන පරිදි ඊට අදාළ නීති වලට යටත්ව කටයුතු කිරිමට වගබලා ගන්නා ලෙසයි.
අද පැවති කොරෝනා මර්දන මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරිය මේ බව පැවසීය.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

