මෙරට පාසල් ක්‍රීඩාව ඉහළ නැංවිම සඳහා දැනට ක්‍රියාත්මක ව පවත්නා ක්‍රීඩා පාසල් සංවර්ධනය කළ යුතු ආකාරය සහ එහි ව්‍යූහය සකස් කළ යුතු ආකාරය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමේ විශේෂ හමුවක් ඊයේ (27) අධ්‍යාපන අමාත්‍යාංශයේ දී පැවැත්විණි.
අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස්, ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම හමුව පැවැත්විණි.
මෙහිදී අදහස් දැක්වූ ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා සඳහන් කළේ, අදක්ෂයින් අතර දක්ෂයින් මතුකර ගැනීම වෙනුවට දක්ෂයින් අතරින් අතිදක්ෂයින් බිහිකිරීමත්, ජාතික තලය ඉක්මවා යමින් ජාත්‍යන්තරය ජය ගන්නා ක්‍රීඩකයින් බිහිකිරීමත් වෙනුවෙන් පාසල් ක්‍රිඩාව සංවර්ධනය කළ යුතු බවයි.
ඒ සඳහා දැනට ක්‍රියාත්මකව පවත්නා ක්‍රීඩා පාසල්වල පහසුකම් තවදුරටත් සංවර්ධනය කිරීමට හා එක් එක් ක්‍රීඩා පාසල්වල ප්රමුඛ අවශ්‍යතා හඳුනාගනිමින් ඒවායේ ප්‍රමිතිය ඉහළ නැංවීමට පියවර ගන්නා බව ද සඳහන් කළේය. දැනට පවත්නා ක්‍රීඩා පනත වෙනුට නව පනතක් ඉදිරියේ දී ගෙන එන බවත්, ඉලක්ක සහ ක්‍රියාකාරකම් මූලික කරගත් සංවර්ධන සැලැස්මකට අනුව මෙරට පාසල් ක්‍රීඩාව ඉහළ නැංවීමට ක්‍රීඩා පාසල් හරහා පියවර ගන්නා බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
ක්‍රීඩා උපදේශකවරුන් යාවත්කාලීන කිරීම හා පුහුණු කිරීම සඳහා ජාතික සංචිතය හරහා සහාය ලබාදීමට ද ක්‍රීඩා පාසල්වල දැනට පවත්නා නේවාසිකාගාර පහසුකම් වැඩිදියුණුකිරීම, පහසුකම් සහිත ක්‍රීඩා පිටි නොමැති වීම, ක්‍රීඩා පාසලට සිසුන් ඇතුළත් කිරීමේ දී පන්ති කාමර ඉඩ පහසුකම් ප්‍රමාණවත්ව නොපැවතීම වැනි ගැටළු කෙරෙහි ද මෙහි දී අමාත්‍යවරුන්ගේ අවධානය යොමු කෙරිණි.
ඒ අනුව ක්‍රීඩා පාසල් සඳහා සිසුන් ඇතුළත් කිරීමේ ක්‍රියාවලිය සඳහා නිශ්චිත ක්‍රමවේදයක් සකස් කිරීමට්‍ත් දැනට පව්‍ත්නා ක්‍රමවේදය තුළ මතුව ඇති ගැටළු නිරාකරණය වන අයුරින් එම ක්‍රියාවලිය සිදුකිරීමටත් මෙහි දී යෝජනා කෙරිණි. ඉදිරියේ දී සියලු ක්‍රීඩා පාසල් සම්බන්ධ කරගනිමින් ක්‍රීඩා කටයුතු සඳහා ජාතික සංචිතය සම්බන්ධ කරවිය හැකි පරිදි ඩිජිටල් කුටි සෑම ක්‍රීඩා පාසලකම ස්ථාපනය කිරීමට ද පියවර ගන්නා බවත් අධ්‍යාපන අමාත්‍යාංශය හා ක්‍රීඩා අමාත්‍යාංශය එක්වෙමින් ක්‍රීඩා පාසල් හරහා මෙරට පාසල් ක්‍රීඩාව ඉහළ නැංවීමට විධිමත් යාන්ත්‍රණයක් සකස් කිරීමට පියවර ගන්නා බව ද මෙහි දී ක්‍රීඩා අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
