ජාතික ආරක්ෂාව පිළිබඳ වෘත්තික උපදේශක මණ්ඩලයක්
ජාතික ආරක්ෂාව පිළිබඳ වෘත්තික උපදේශක මණ්ඩලයක් පිහිටුවීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පියවර ගෙන තිබේ.
ආචාර්ය සරත් අමුණුගම මහතාගේ සභාපතිත්වයෙන් යුත් මෙම වෘත්තික උපදේශක මණ්ඩලයේ සෙසු සාමාජිකයන් ලෙස ජනාධිපති නීතිඥවරුන් වන කාලිංග ඉන්ද්‍රතිස්ස, නයිජල් හැව්, නීතිඥ ජාවිඩ් යුසුෆ්, ආචාර්ය රාම් මාණික්කලිංගම්, ආචාර්ය සුරේන් රාඝවන්, යන මහත්වරු කටයුතු කරති.
ජාතික ආරක්ෂාව පිළිබඳ වෘත්තික උපදේශක මණ්ඩලය පළමු වරට අද (09දා) පෙරවරුවේ ජනාධිපති නිල නිවසේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්විය.
එහි දී ජනාධිපතිවරයා සඳහන් කළේ තම අදහස් සහ යෝජනා ස්වාධීනව ඉදිරිපත් කරමින් රටේ ජාතික ආරක්ෂාව තහවුරු කිරීමට ගෙනයන වැඩපිළිවෙළ ශක්තිමත් කිරීමට මෙම උපදේශක මණ්ඩලය සිය උපරිම දායකත්වය ලබාදෙනු ඇතැයි අපේක්ෂා කරන බවයි.

popular news
-
Champa Tuesday, 09 July 2019 06:32 PM
මේකේ 6න් 4ක් සුළු ජාතින්. ඒ කියන්නේ මෙතන ජන අනුපාතය නියෝජනය වෙන්නේ නැහැ, මේකෙන් කොහොමද ජාතික ආරක්ෂාව ගැන නිර්දේශ දෙන්නේ? අනික දැන් සුරේන් රඝවාන් හැම තැනම. මුලතිව් ගුරුකන්ද දේවාලේ වස් පිංකම තහනම් කරලා එදාට දෙමල පූජාවක් පන්සලේ තිබ්බේ වහල් ලේකම් කාර්යාලය රඝවාන්ට support එකට. එකම උවමනාව රඝවාන් හරහා සජිත්ට දෙමල චන්ද අරන් දෙන එක. වැඩක් වෙන්නේ නැහැ. සජිත්ට දිනනවා තියා කිට්ටුවටවත් එන්න ලැබෙන්නේ නැහැ.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

