අද පැවැති මහ මැතිවරණයේ ඡන්ද ගණන් කිරීමේ කටයුතු හෙට උදෑසන 07 ට හෝ 08 ට ආරම්භ කිරීමට නියමිතයි.
ඡන්ද දායකයින් ඡන්දය ප්‍රකාශ කිරීමෙන් පසු ඡන්ද පෙට්ටි රැගෙන යාමට පෙර ඒවා විෂබීජහරණය කිරීම ද විශේෂත්වයකි.
ඡන්ද පෙට්ටිවල ආරක්ෂාව සඳහා විශේෂ වැඩපිළිවෙළක් කි‍්‍රයාත්මක බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. එහි සභාපති මහින්ද දේශපි‍්‍රය සඳහන් කළේ ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානවලට ඡන්ද පෙට්ටි භාරගන්නා අවස්ථාවේ සිට ඡන්දය ගණන් කිරීම අවසාන වන තෙක් ඡන්ද පෙට්ටිවල ආරක්ෂාව තහවුරු කිරීමට කටයුතු යොදා ඇති බවයි.
