ඡනද කල්දානවා කියන්නේ බෝම්බ ගහලා මරණවා වගේ වැඩක්
ඡන්ද නොතියා නිල කාලය දීර්ඝ කර ගන්නවා නම් එය ප්රජාතන්ත්රවාදයට කරන හානියක් බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.
කොළඹදි පැවැති වැඩසටහනක් අතරතුළදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළේය.
“මේ වෙලාවේ තිබෙන තත්ත්වය අනුව ඡන්ද විමසිම් ගැන කථා කිරීම එච්චර හොඳ දෙයක් නම් නෙවෙයි. නමුත් කුමන තත්ත්වයක් යටතේ වුවත් ඡන්ද විමසිම් කල් දානවා කියන්නේ ප්රජාතන්ත්රවාදයට වෙන හානියක්.
කිසි කෙනෙක් මේකට මුවා වෙලා ඡන්දය කල් දැමීමට අවශ්‍යතාවක් කවුරුවත් පෙන්නන්නේ නෑ කියලා හිතනවා. මොකද ත්‍රස්තවාදයෙන් සිදුවෙන්නෙන් ප්රජාතන්ත්රවාදය අහිමි වෙන එක. ඡන්ද කල් දැමීමෙනුත් සිදු වෙන්න ප්රජාතන්ත්රවාදය අහිමිවිම.
මේක විශාල ඝාතනයක් අපි නොවිසූ විරූ කනගාටුදායක තත්ත්වයක්. නමුත් බෝම්බ පිපිරෙද්දී, අපේ රටේ ඡන්ද තිබිලා තියෙනවා. ඒක නිසා මේක හේතුවක් කරගෙන ඒක නිසා ඡන්ද නොතියා තවදුරටත් නිල කාලය දීර්ඝ කරගන්නවා කියන එක ප්රජාතන්ත්රවාදයටත් හැමදේටම කරන හානියක්.
ප්රජාතන්ත්රවාදි රටක ඡන්ද කල්දානවා කියන එක මේ වගේ බෝම්බ ගහලා මරණවා වගේ වැඩක්.”

popular news
-
chathuri Wednesday, 01 May 2019 03:20 AM
මොන චන්දද . කවුරු හරි හාල් පාරුවෙක් රජ. කරවන්න , මිනිසුන්ට. මග යන්න පන නැහැ , ඔය චන්ද කරන සල්ලි වලින් මිනිසුන්ට කන්න. දුන්නනම්. ඉවරයි , වංචාවක් නැති නායකයෙක් , කවදාවත් ඇමති පට්ටමක්ව ත් නැති කෙනෙක්ද නැහැ නේ , ඉන්න. අයටත් වැඩිය. පවුල්. පිටින් හොරකලා නැවත , පුම්බගන එන්න යන්නේ , ඊට වැඩිය හොඳයි මේ. තියෙන විදිය ,කවුරු ආවත් ජනතාවට සෙත සැලසෙන්නේ නැහැ, කට්ටිය වටවෙලා දෙන ආදාර වලට විදිනවා ,රට වැසියා බඩට. නොකා. ඒ. බදු ,නය ගෙවනවා අලුත් චන්දයක් තියලා කම්බහොරු නැවත අවොත් උන්ගේ පරම්පරාවටම රජ සැප. දෙන්නේ. ජනතා. මුදලින් , උගත් කමක් නැහැ නීති විශාරදයෝ , ඊට වැඩිය හොඳයි මේ ඉන්න ලොක්කා වැරදි. තිබුනත් බඩජාරි නැහැ ඒකයි හොඳ
Reply : 0 0
Champa Wednesday, 01 May 2019 10:38 AM
ඒවා නම් කොහෙද? ජනාධිපතිවරණෙ නොතිබ්බොත් බලා ගත්තහැකි. මේක නිකම් කියන කතාවක් නෙමෙයි.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

