ශ්රී ලංකාව හා චීනය අතර පවතින සබඳතා පිළිබඳව කිසිඳු සැකයක් තබා නොගන්නා ලෙස ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉන්දීය විදේශ ලේකම් ශ්රී හර්ෂ් වර්ධන් ෂ්රිංග්ලා මහතා සමග පැවසීය.
ශ්රී ලංකාවේ තෙදින නිල සංචාරයකට එක්වු ඉන්දිය විදේශ ලේකම්වරයා හා ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතර ජනපති ලේකම් කාර්යාලයේ පැවැති හමුවේදි ජනපතිවරයා මේ බව පැවැසීය.
එසේම මෙහිදි ශ්රි ලංකාව චීනය සමග ඇති සබඳතාව ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඉතා මැනවින් ඉන්දීය විදේශ ලේකම්වරයාට පැහැදිලි කළ බව ජනපති මාධය අංශය කියයි.
