චීන හමුදා ඇඳුමට සමාන ඇඳුම් අදින්න එපා
චීනයේ හමුදා නිල ඇඳුමට සමාන ඇඳුමින් සැරසී ශ්‍රී ලංකාවේ ව්‍යාපෘතිවල සේවය කිරීමෙන් වළකින ලෙසය චීන සේවකයන් දැනුවත් කරන්නැයි ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය වෙත ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්, ජනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න මහතා දැන්වූ බව ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
එසේම එවැනි ඇඳුම් ඇඳීමෙන් වලකින ලෙසට චීන සමාගමේ දේශීය නියෝජිත සමාගම වෙතටද ආරක්ෂක ලේකම්වරයා උපදෙස් දී තිබේ.
අදාළ ඇඳුම් පිළිබඳව කමල් ගුණරත්න මහතා චීන තානාපති කාර්යාලයේ විමසා ඇති විට ඔවුන් සඳහන් කර ඇත්තේ එම ඇඳුම චීන සමාගම විසින් සිය සේවකයන්ට ලබාදී ඇති ඇඳුමක් බවත් ඒවා චීනයේ මහජන විමුක්ති හමුදාවේ ඇඳුම් නොවන බවයි.
තිස්සමහාරාමයේ තිස්ස වැවේ රොන් මඩ ඉවත් කිරීමේ ව්‍යාපෘතියක් චීන සමාගමක් විසින් සිදුකරනු ලැබූ අතර එහි සේවකයන් විසින් චීන මහජන විමුක්ති හමුදා කැලෑ ඇඳුමට සමාන ඇඳුමකින් සැරීසී සිටීම පිළිබඳව මාධ්‍ය තුළ දැඩි කථාබහට ලක්විය.
එම ව්‍යාපෘතිය වෙනුවෙන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් හෝ අවසර ලබාගෙන නොතිබුණ අතර මේ වන විට එම ව්යාාපෘතිය නවතා දැමීමට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව කටයුතු කර තිබේ.

popular news
-
Kumar Wednesday, 30 June 2021 07:01 AM
When I was young person I recall, all Chinese working at the Bandaranayake hall site wore similar clothing. I hear most Chinese working in Sri Lanka are Chinese prisoners are serving time Sri Lanka. The uniform is to make them more visible.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
