ශ්‍රී ලංකාව ඇතුළු රටවල් පහකින් චීනයට ආනයනය කරන භාණ්ඩ වෙනුවෙන් පනවා තිබූ ආනයනික බදු අඩු කිරීමට චීනය කටයුතු කර තිබේ. මුලින්ම සෝයා බෝංචි වෙනුවෙන් පැවැති ආනයනික බද්ද 3% සිට 0 % දක්වා අඩු කළ අතර මේ වන විට එය තවත් පළුල් කර තිබේ.
ඒ අනුව රසායනික ද්‍රව්‍ය, කෘෂිකාර්මික නිශ්පාදන, වෛද්‍ය සැපයුම්, ඇඳුම්, වානේ, ස්වාභාවික ද්‍රව වායු වෙනුවෙන්ද බදු සහන ලබාදීමට ඔවුන් කටයුතු කර තිබේ.ස්වාභාවික ද්‍රව වායු සඳහා පනවා තිබූ බදු 3% සිට 2.1%ක් දක්වා අඩුකර ඇත.
චීනය විසින් ඇමෙරිකාවට අපනයනය කරන භාණ්ඩ සඳහා ඇමෙරිකාව විසින් 25%ක බද්දක් අය කිරිමට තීරණය කිරිමත් සමග චීනය මෙසේ රටවල් පහකට බදු සහන ලබාදී ඇත.
ශ්‍රී ලංකාව, ලාඕසය, ඉන්දියාව, බංග්ලාදේශය හා දකුණු කොරියාව යන රටවල් මෙයින් ප්රතිලාභ ලබයි.
