චීනයෙන් ගෙන්වූ කාබනික පොහොර ගැන සැකයක්
චීනයෙන් මෙරටට ගෙන්වූ කාබනික පොහොර සාම්පල වලින් අර්වීනියා නැමති ක්ෂුද්‍ර ජීවීන් හමුවීම පිළිබඳව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා අද කරුණු පැහැදිලි කර සිටියේය.
අදාළ ක්ෂුද්‍ර ජීවීන් හමු වී ඇත්තේ නිල නොවන මට්ටමින් චීනයෙන් පරීක්ෂණ සදහා ගෙන්වූ කාබනික පොහොර සම්පලයකින් බව අමාත්‍යවරයා පවසා සිටියේය.
එම ක්ෂුද්‍ර ජීවීන් සොයා ගැනීම සැක කටයුතු නිසා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට(CID) පැමිණිලි කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසා සිටියි.
එළඹෙන මහ කන්නය සඳහා ආනයනය කරන කාබනික පොහොරවල කිසිදු ශාක, සත්ව හා මනුෂ්‍යයින්ට හානිකර ව්‍යාධිජනක ක්ෂුද්‍ර ජීවීන් නොමැති බවට රජය සහතික වන බවත් සාධාරණ මිලක් ගොවීන්ට ලබා දී තිබියදී දිගින් දිගටම උද්ඝෝෂණ කළහොත් වෙළෙඳ අමාත්‍යවරයාට සහල් ආනයනය කිරීමට සිදු වනු ඇති බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේය.
popular news
-
Gamini Saturday, 18 September 2021 08:22 AM
Keep on hoping. Thousands of tons of organic fertilizer cannot come with no bacteria in them. This move will shift the entire flora and small animal (insects especially) populations in the farming areas. China cannot be trusted with anything.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

