චීනයේ අධ්‍යයන චාරිකාවක නිරතව සිටින එක්සත් ජාතික පක්ෂ මැති ඇමතිවරුන් හය දෙනා අප්‍රේල් 01වැනිදා යළි මෙරටට කැඳවන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් දී තිබේ.
අප්‍රේල් මස 04වැනිදා පාර්ලිමේන්තුවේ පැවැත්වෙන විශ්වාසභංග විවාදයට එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් කල් ඇතිව සූදානම් කිරීමේ පියවරක් ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙම උපදෙස් දී ඇතිබවද වාර්තාවේ.
එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් හය දෙනා ඇතුළුව ශ්‍රීලංකා නිදහස් පක්ෂය සහද්‍රවිඩ ජාතික සන්ධානය නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්14 දෙනෙකු මේවනවිට චීනයේ අධ්‍යන චාරිකාවක නිරතව සිටිති.
චීන සංචාරය නිමවා මෙම මන්ත්‍රී කණ්ඩායම නැවත දිවයිනට පැමිණීමට නියමිතව තිබුණේ අප්‍රේල් 03වැනිදා පස්වරුවේය.