චීන මහජන සමූහාණ්ඩුවේ චින්ඩාවෝ නගරය සහ ලෝක උරුම මහනුවර නගරය අතර සහයෝගිතා ගිවිසුමක් අත්සන් කිරීම අද (15දා) සුම් තාක්ෂණය ඔස්සේ සිදු කෙරුණි .
එහිදී චිනයේ චීන්ඩාවෝ නගරය වෙනුවෙන් එහි නගරාධිපති ෂෙහඔ හඔෂි මහතා සහ මහනුවර නගරාධිපති කේසර සේනානායක මහතා අතර අදාළ ගිවිසුම අත්සන් තැබුණි . එම අවස්ථාවට ශ්‍රී ලංකාවේ චීන තානාපති චී සේන්හොන් මහතා සහ චීන සමූහාණ්ඩුවේ ශ්‍රී ලංකා තානාපති පාලිත කොහොන මහතාද සහභාගි විය .
එම අවබෝධතා ගිවිසුම ඔස්සේ නගර දෙක අතර ආර්ථික කටයුතු, නවීන තාක්ෂණ දැනුම, අධ්‍යාපන, ශිෂ්‍යත්ව, සංස්කෘතික හා ආගමික ක්‍රීඩා ඇතුළු අංශ ගණනාවක් සම්බන්ධයෙන් සහයෝගිතාවයෙන් කටයුතු කිරීමට නියමිතය.
එහිදී චීන දූත පිරිස ඇමතූ මහනුවර නගරාධිපති කේසර සේනානායක මහතා පවසා සිටියේ කෝවිඩ් වසංගත තත්වය පාලනය කිරීමට එන්නත් ලබා දෙමින් චීනය දැක්වූ සහයෝගය අගය කරන බවත් ශ්‍රී ලංකාව සහ චීනය අතර සම්බන්ධතාවයට දිගු ඉතිහාසයක් තිබෙන අතර මෙරට අසීරුතාවයට පත් වූ සෑම අවස්ථාවකදීම චීනය පෙරට පැමිණ සහයෝගය ලබා දී තිබෙන බවයි.
ෂේන් සෙනෙවිරත්න
