හරිත කෘෂිකර්මය කාබනික පොහොර වලට ලඝු කිරීම හරිත කෘෂිකර්මය අසාර්ථකවීමට හේතුවක් වූ බව ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවැසීය.
හරිත කෘෂිකර්ම ප්රතිපත්තියෙන් රජය ඉවත්ව නොමැති බවද ජනපතිවරයා පැවැසීය. පාර්ලිමේන්තුවේ නව සැසිවාරය ආරම්භ කරමින් සිය දේශනය ඉදිරිපත් කරමින් ඔහු මේ බව පැවැසීය.
2022 වසරේ ආහාර සුරක්ෂිතාව වෙනුවෙන් කටයුතු කළ යුතු වසරක් බවද වගා කළ හැකි සෑම ඉඩමක්ම වගා කිරීමට යොදා ගත යුතු බවද ජනපතිවරයා පැවැසීය.
ඒ සඳහා බිත්ති පිංතාරු කළ තරුණයින්ට හා පුරන් කුඹුරු අස්වද්දපු තරුණයින් ආරාධනා කරන බවත් ජනපතිවරයා පැවැසීය.