චීනය හා ශ්‍රී ලංකාව අතර නොවිසිදුනු ප්‍රශ්න නිරාකරණය කර ගැනීම පිළිබඳ ශ්‍රී ලංකාවේ චීන තානාපති චී ෂෙන්හොන් මහතා හා අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අතර සාකච්ඡාවක් පවත්වා තිබේ.
ඊයේ (05දා) පැවැති මෙම සාකච්ඡාවේචී චීන තානාපතිවරයා සඳහන් කළේ හම්බන්තොට වරාය හා කර්මාන්තපුරය පිළිබඳව පිරික්සීමේ දී ශ්‍රී ලංකාවට දීප්තිමත් අනාගතයක් කරා යා හැකි මංපෙත් විවර වී ඇති බවයි.
එසේම දිනේෂ් ගුණවර්ධන මහතා කුමන ක්ෂේත්රයක සිටියත් අමාත්‍යවරයා චීනයේ ලබැදි මිතුරෙක් බවත් නව අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස පත්වීම පිළිබඳව චිනයේ විදේශ අමාත්‍යවරයා සුබ පැතූ බවත් තානාපතිවරයා පැවැසීය.
ශ්‍රී ලංකාවේ අධ්‍යාපන අධ්‍යනයන්ට හා පර්යේෂණ හා පුහුණු කිරීම් ක්ෂේත්රයට එවක් පටන් මේ දක්වා ලබාදුන් ආධාර හා අනුබලයන් පිළිබඳව අමාත්‍යවරයා මෙහිදි චීනයට ස්තුති කළේය.
මේ වනවිට ශ්‍රී ලංකාවේ පාසල් ආරම්භය කාල රාමුවකට අනුගතව අධ්‍යයන කටයුතු සිදු වෙමින් පවතින අතර, එහිදී දෙලක්ෂ තිස්දහස ඉක්ම වූ ගුරු භවතුන් සඳහා එන්නත්කරණය ඉක්මන් කළ හැකි වුයේ චිනයෙන් ලද සහයෝගය නිසා බවත්, එය ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය යතාවත් කරන්නට මහත් ශක්තියක් වු බව අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
චීන ශ්‍රී ලංකා විශ්ව විද්‍යාල අතර අන්තර් හුවමාරු අධ්‍යයන ක්‍රමවේදයන් ඇති කිරීම මෙන් ම ශ්‍රී ලංකාවේ ග්‍රාමීය පාසල්හි තොරතුරු තාක්ෂණ පහසුකම් දියුණු කිරීමට චීනයෙන් ලබාගත හැකි සහයෝගයන් පිළිබඳව ද අමාත්‍යවරයා අවධාරණය කළේය.
විශ්ව විද්‍යාල මෙන් ම දෙරටේ විද්‍යාපීඨ හා පාසල් අතර ද අන්තර හුවමාරු සබඳතා ඇති කිරීම කෙරෙහි ද අවධානය යොමු කරන ලෙස අමාත්‍යවරයා ඉල්ලා සිටි අතර ඒ සඳහා වන නියමු ව්‍යාපෘතියක් සඳහා පාසල් ප්‍රමුඛතාවයක් ලබා දෙන මෙන් තානාපතිවරයා ඉල්ලා සිටියේ ය.
එමෙන්ම චීනයේ නේවාසිකව අධ්‍යයන කටයුතු කරමින් සිට කොවිඩ් වසංගත හේතුවෙන් නැවත සියරට පැමිණි ශිෂ්‍යයන් ට මාර්ගගතව අධ්‍යාපන කටයුතු සිදු කළ ද වෛද්‍ය වැනි අධ්‍යයන කටයුතු ප්‍රායෝගිකව කළ යුතු බැවින් නැවත ඔවුන්ට චීනයට යාමේ අවස්ථා සලසා දෙන මෙන් ඉල්ලා සිටියේය.
