චන්දිමාල්ගේ සාදය ගැන පරීක්ෂණ වෙනත් අතකට
කොළඹ ෂැංග්‍රීලා හෝටලයේදී ප්‍රකට නිරූපණ ශිල්පි චන්දිමාල් ජයසිංහ, මෝස්තර නිරූපිකාවක වන පියුමි හංසමාලි ඇතුළු පිරිස පැවැත්වූ උපන්දින සාදය සම්බන්ධයෙන් වන පරීක්ෂණ තවදුරටත් කොළඹ කොටුව පොලීසිය මගින් සිදුකරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියොජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවැසීය.
කෙසේ වෙතත් එම සාදය සම්බන්ධයෙන් විද්‍යාත්මක, තාක්ෂණික හා පර්වේශනීය සාක්ෂි පිළිබඳවත්, සී.සී.ටී.වී. දත්ත පිළිබඳව පරීක්ෂණ පැවැත්වීමටත් කොළඹ අපරාධ කොට්ඨාසය වෙත භාර දී ඇති බව මාධ්‍ය ප්‍රකාශකවරයා පැවැසීය.
මෙම සාදයට සම්බන්ධ වූ 15 දෙනෛක් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප ලැබුණි. කෙසේ වෙතත් මේ වන විට ඔවුන්ව දින 14ක කාලයක් නිරෝධායන කටයුතු සඳහා යොමුකර තිබේ.

-
H Tuesday, 08 June 2021 08:31 PM
Bnububub
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

