නව කොරෝනා වෛරසය ආරම්භ වූ බවට පැවසෙන චීනයේ වූහාන් නගරයේ සිටින ශ්‍රී ලංකා සිසුන් හා ඔවුන්ගේ පවුල්වල සාමජිකයන් අද (31) දා එයින් ඉවත් කර ගැනීමට ඉඩ ඇතැයි වාර්තා වෙයි.
වූහාන් නගරයේ සිරවී සිටි රටවල් කිහිපයම සිසුන් එම රටවල් විසින් වූහාන් වෙත විශේෂ ගුවන් යානා යොමුකරමින් ඉවත් කර ගැනීමට කටයුතු කර තිබුණි.
ඒ අනුව ශ්‍රී ලංකාවද ගුවන් යානයක් වූහාන් නගරයට ගොඩ බැස්සවීම වෙනුවෙන් චීනයෙන් අවසර ඉල්ලා තිබුණි.
මෙම ඉල්ලීමට ප්‍රතිචාර දැක්වීම චීන රජය විසින් කඩිනම් කර ඇති බව විදේශ කටයුතු අමාත්‍යාංශ ලේකම් රවිනාථ ආරියසිංහ මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
බිජිං හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වූහාන් හි සිටින ශ්‍රී ලංකා සිසුන් 33 දෙනා සමඟ නිරන්තරයෙන් සන්නිවේදනය කරමින් සිටින බවත්, ඔවුන්ගේ ආරක්ෂාව සඳහා ප්‍රමුඛතාවය ලබා ගනිමින් නගර බලධාරීන් සමඟ සහයෝගයෙන් අවශ්‍ය සහය ලබා දෙන බවත් විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයා නිවේදනය කරයි.