චීනයේ කොරෝනාවැක් එන්නතත් සාර්ථක වෙලාලු
චීනයේ සීනෝවාක් සමාගම විසින් නිෂ්පාදිත කොවිඩ්-19 වෛරසයට එරෙහි කොරෝනාවැක් එන්නතත් පරීක්ෂණවලදී සාර්ථකත්වයක් පෙන්නුම් කර ඇති බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.
ලැන්සෙට් සෞඛ්‍ය සඟරාව පෙන්වා දෙන්නේ සීනෝවාක් සමාගමේ කොරෝනාවැක් එන්නත පසුගිය අප්‍රේල් සහ මැයි මාසයේදී ස්වෙච්ඡාවෙන් ඉදිරිපත් වූ නිරෝගී වැඩිහිටියන් 700ක් සම්බන්ධ අහඹු ලෙස පාලනය කරන ලද අත්හදා බැලීමකදී එය පරීක්ෂා කළ බවය.
ඒ අනුව ස්වෙච්ඡාවෙන් ඉදිරිපත් වූ කිසිවෙකුට කොවිඩ්-19 ආසාදනය පිළිබඳ ඉතිහාසයක් නොමැති බවය.
මෙහි දෙවැනි අදියරේදී එක් කණ්ඩායමකට එන්නත අඩු මාත්‍රාවක්ද, තවත් කණ්ඩායමකට වැඩි මාත්‍රාවක්ද, තුන්වැනි පිරිසකට ප්ලේසෙබෝ ලෙසින්ද ලබාදී ඇත.
එන්නත සෑම මාත්රාවකින්ම හොඳින් දරාගෙන ඇති අතර කිසිදු ආරක්ෂිත ගැටලුවක් ඇති බවක් පෙනෙන්නට නැතැයි පර්යේෂකයෝ පවසති. චීනයේ රෝග පාලනය හා වැළැක්වීමේ ජියැන්ග්සු පළාත් මධ්‍යස්ථානය, ජාතික ආහාර හා ඖෂධ පාලන ආයතනය සහ සිනෝවාක් හි විශේෂඥයන්ද ඊට ඇතුළත් ය.
අඩුම මාත්‍රාවෙන් වුවද, එන්නත ලබාගත් ස්වේච්ඡා සේවකයන් එන්නත් දෙකෙන් දෙවැන්නෙන් දින 14 ක් ඇතුළත ශක්තිමත් ප්‍රතිදේහ ප්‍රතිචාරයක් දක්වන බවක් පෙන්වා ඇත. එන්නත් ලබා දී ඇත්තේ දින 14 ක පරතරයකිනි.
මෙම එන්නතට අවශ්‍ය වන්නේ සාමාන්‍ය ශීතකරණයක් පමණක් වන අතර, එය වසර තුනක් දක්වා ගබඩා කර තබා ගත හැකි බවද කියයි. කෙසේ වෙතත් එන්නත කෙතරම් ඵ ලදායීද යන්න තීරණය කිරීම සඳහා සමාගම සිය අත්හදා බැලීම් තවදුරටත් සිදුකරන බවද පවසයි.


popular news
-
Kumar Wednesday, 18 November 2020 10:01 PM
If this vaccine is so good what was the reason for Brazil to suspend it's trials? It appears the vaccine caused adverse reactions in Brazil. Sri Lanka can find some volunteers to take the vaccine? When it comes such things my yellow streak shows up.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

