චීනයෙන් පරිත්‍යාග රැගත් තවත් ගුවන් යානයක් හෙට දිවයිනට
COVID-19 වසංගතයට එරෙහිව සටන් කිරීමට ශ්‍රී ලංකා පාර්ශවයේ හදිසි අවශ්‍යතාවයට ප්‍රතිචාර දක්වමින්, කොරොන වයිරස් න්‍යෂ්ටික අම්ල පරීක්ෂණ කට්ටල 30,000 ක් (PCR-Fluorescence Probing) සහ ඉවත දැමිය හැකි පුද්ගලික ආවරණ (PPEs) 15,000 ක් රැගත් චීන විශේෂ ගුවන් යානයක් හෙට දිනයේදී ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය නිවේදනය කරයි.
ශ්‍රී ලංකාවේ කොවිඩ් සටන වෙනුවෙන් චීනය අඛණ්ඩව සහාය දක්වමින් සිටින අතර මෙම පරිත්‍යාග තොගය ඒ ආකාරයෙන් චීනයෙන් ලැබෙන තෙවැනි පරිත්‍යාගය වෙයි.
චයිනා ඊස්ටර්න් ගුවන් යානයේ එම්.යූ 231 දරණ ගුවන් යානය මෙම වෛද්‍ය සැපයුම් තොගය රැගෙන ෂැංහායි සිට හෙට (08දා) දිවයිනට පැමිණීමට නියමිතව තිබේ.
අප්‍රේල් 29 වන දින චීන තානාපති කාර්යාලයේ වැඩබලන තානාපති හ ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතර පැවැති සාකච්ඡාවේදී තානාපතිවරයා මෙම වෛද්‍ය සැපයුම් තොගය ලබාදෙන බවට ප්‍රකාශ කළේය.
එහිදී පරීක්ෂණ කට්ටල 30,000 ක්, පුද්ගලික ආරක්ෂක ආවරණ 30,000 ක්, කේඑන් 95 මුඛ ආවරණ 30,000 ක්, ආරක්ෂිත ඇස් කණ්ණාඩි 30,000 ක් සහ ශල්‍ය මුඛ ආවරණ 600,000 ක් පරිත්‍යාග කරන බව පැවැසීය. මෙම පරිත්‍යාගයෙන් කොටසක් මෙසේ හෙට දිනයේදී ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.
මේ දක්වා චීනය විසින් පරීක්ෂණ කට්ටල 42,024 ක්, ශල්‍ය මුඛ ආවරණ 958,730 ක්, කේඑන් 95 මුඛ ආංවරණ 139,280 ක්, පුද්ගලික ආර්ක්ෂක ආරණ 14,380 ක් සහ වෙනත් වෛද්‍ය ද්‍රව්‍ය ශ්‍රී ලංකාවට පරිත්‍යාග කර ඇත.
popular news
- 
                            S.. s.. ssmarasingha Thursday, 07 May 2020 08:36 PM Ethakota aramudale mutti gahana salli walata wenne "Api wenuwen api aramudalata" una eke anik eka. Bahirawaya dan api visinma Janadhipathi karala. Reply : 0 0 
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

 
                     
  
  
 
 
                     
                                 
                                 
                                 
                                 
  
                                                 
                                                 
                                                 
                                                 
                                                 
                                                