චන්ද්‍ර රාජපක්ෂගේ අවමංගල්‍යයට යන්න තිබුණා නම් යනවා
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ බාල සොහොයුරු චන්ද්‍රා රාජපක්ෂ මහතාගේ අවමංගල්‍ය අවස්ථාවට තමාට යෑමට අවස්ථාවක් නොලැබුණ බවත් ලැබුණා නම් තමන්ද එම අවස්ථාවට එක්වෙන බවත් සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවැසීය.
කැබිනට තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය. චන්ද්‍රා රාජපක්ෂ මහතා කොළඹ නොපැමිණි බවත් රාජපක්ෂවරුන්ගෙන් කොළඹට නොපැමිණි එකම පුද්ගලයා ඔහු බවත් ප්‍රකාශ කළේය.
එහෙයින් ඔහුත් සමග එතරම් සබඳතාවක් නොතිබුණ බවත් අමාත්‍යාවරයා ප්‍රකාශ කළේය.
“මට යන්න බැරිවුණා. පුළුවන් වුණානම් යනවා. පාර්ලිමේන්තුවේත් එකට තේ බීලා, කාලා ගිහිල්ලා තමයි අනිත් පැත්තට කටයුතු කරන්නේ.”
popular news
-
Champa Wednesday, 29 August 2018 09:47 PM
තුක් විතරක්. කියන හැටි. ලැජ්ජයි. මඟුල් ගෙවල් වලට නොගියත් මිනිස්සු මළගෙවල් වලට නොගිහින් ඉන්නේ නැහැ. ඒ විතරක්ද එහෙම නොගිහින් හේතු දෙනවා මම නම් මේ දැක්කමයි. මල ගෙදරට යන්න මැරිච්ච මිනිහ එක්ක කතා කරලා තියෙන්න ඕනෙද? මල ගෙදරකට යන්නේ ඒ මරණය නිසා ශෝක වෙන එයාගේ පවුලේ තමන් දන්නා මිනිස්සුන්ගේ ශෝකය බෙදා ගන්න. අනිත් එක හිටපු ජනාධිපතිතුමාව අඳුරන්නේ නැත්ද? එතුමා එක්ක එකට වැඩ කරලා තියෙනව. අදටත් පාර්ලිමේන්තුවේ මුණ ගැහෙනවා. සිංහල සිරිත් විරිත් වටිනාකම් ගුණවත්කම් මනුස්සකම් මොලොව දෙයක් දන්නේ නැති හිස් මිනිස්සුන්ගේ ආණ්ඩුවක් මේක. හිටපු ජනාධිපතිතුමා, ඔන්න කවුරු ගත්තත් රාජිතව නම් ආයේ ගන්නේ එපා හොඳද. මට නම් මේ වගේ එපා කරපු නම් list එකක් වුනත් දෙන්න පුළුවන්.
Reply : 22 103
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
